8. 2. 9. 8.
8. අප්පසාදවෙදන සූත්රය
[සැවැත් නුවර දී ය]
88. “මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්රසාදය පළ කරන්නෝය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහින්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහිනට නින්දා පරිභව කෙරේද, ගිහින් ගිහියන් හා භෙද කෙරේද, බුදුනට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, නොතන්හි ඔහු දකිත්ද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්රසාදය පළ කරන්නෝය.
“මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්රසාදය පළ කරන්නෝය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියනට නින්දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ට ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, සුදුසු තැනදී ඔහු දකීද, (යනුයි.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්රසාදය පළ කරන්නෝය.
8. 2. 9. 9.
9. පටිසාරණීය කම්ම සූත්රය
[සැවැත් නුවර දී ය]
89. “මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහියන්ට නින්දා පරිභව කෙරේද, ගිහියන් ගිහියන් හා භෙද කෙරේද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, ගිහින්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්ය නොකෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.
“මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය. කවර කරුණු අටකින්ද යත්:
ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට නින්දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ගේ ගුණ කියාද, ධර්මයේ ගුණ කියාද, සංඝයාගේ ගුණ කියාද, ගිහියන්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්ය කෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.
8. 2. 9. 10.
10. තස්සපාපිය්යසිකා සම්මාවත්තන සූත්රය
[සැවැත් නුවර දී ය]
90. “මහණෙනි, “පාපිය්යසිකා” නම් විනය කර්මය කරණු ලැබූ භික්ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය. “උපසම්පදා නොකළ යුතුය. ආශ්රය නොකළ යුතුය. සාමණේරවරු උපස්ථාන නොකළ යුතුය. භික්ෂුණීන්ට අවවාද දීමේ සම්මුතිය බාර නොගත යුතුය. සම්මතවූවද, භික්ෂුණීන්ට අවවාද නොදිය යුතුය. කිසිම සංඝ සම්මතයක් භාර නොගත යුතුය. කිසිම වෙන් තැනෙක තැබිමක් නොකළ යුතුය. ඒ මුලින් නොනැගිටවිය යුතුය.
මහණෙනි, “පාපිය්යසිකා” නම් විනය කර්මය කරණු ලැබූ භික්ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.
නව වන සති වර්ගය නිමි.
එහි උද්දානය:
සති, පුණ්ණිය, මූල, චෝර, පස්වන අධිවචන ද, නාගිත, පත්ත, අප්පසාද, පටිසාරණීය සහ වත්තන (සූත්රය) ද වෙයි.