8. 2. 9. 7.
7. පත්තනික්කුජ්ජන සූත්රය
[සැවැත් නුවර දී ය]
87. “මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්රය (නිග්රහ සඳහා) නමන්නේය. කවර අටකින්ද යත්:
භික්ෂූන්ට අලාභ පිණිස තැත් කෙරේද, භික්ෂූන්ට අවැඩ පිණිස තැත් කෙරේද, භික්ෂූන්ට තැන් නැති කිරීමට තැත් කෙරේද, භික්ෂූන්ට නිත්දා පරිභව කෙරේද. භික්ෂූන් භික්ෂූන් හා බිඳවාද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්රය (නිග්රහ සඳහා) නමන්නේය.
“මහණෙනි, අංග අටෙකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්රය උඩුකුරු කරන්නේය. කවර අටෙකින්ද යත්:
භික්ෂූන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, භික්ෂූන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, භික්ෂූන්ට තැන් නැති කිරීමට තැත් නොකෙරේද, භික්ෂූන්ට නිත්දා පරිභව නොකෙරේද. භික්ෂූන් භික්ෂූන් හා නොබිඳුවාද, බුදුන් ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්රය උඩුකුරු කරන්නේය.”
8. 2. 9. 8.
8. අප්පසාදවෙදන සූත්රය
[සැවැත් නුවර දී ය]
88. “මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්රසාදය පළ කරන්නෝය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහින්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහිනට නින්දා පරිභව කෙරේද, ගිහින් ගිහියන් හා භෙද කෙරේද, බුදුනට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, නොතන්හි ඔහු දකිත්ද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්රසාදය පළ කරන්නෝය.
“මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්රසාදය පළ කරන්නෝය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියනට නින්දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ට ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, සුදුසු තැනදී ඔහු දකීද, (යනුයි.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්රසාදය පළ කරන්නෝය.