8. 2. 9. 2.
පුණ්ණිය සූත්රය
[සැවැත් නිදානයි]
82. ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්ය තෙම භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්ය තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?”
“පුණ්ණියය, භික්ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.
“පුණ්ණිය, භික්ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.
“පුණ්ණිය, යම් විටෙක වනාහි භික්ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.”
8. 2. 9. 3.
කිංමූලක සූත්රය
[සැවැත් නිදානයි]
83. “මහණෙනි, අන්ය තීර්ත්ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් හරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්ය තීර්ත්ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්යවත්හු මුල්කොට ඇත්තේය. භාග්යවත්හු නායකකොට ඇත්තෝය. භාග්යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්යවතුන් වහන්සේටම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්.”
“මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.” “ස්වාමීනි, යහපති” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, අන්ය තීර්ත්ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් හරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”
“ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ විඳීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම හරකොට ඇත්තෝය.” “මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”