8. 2. 9. 1.
සතිසම්පජඤ්ඤ සූත්‍රය
[සැවැත් නිදානයි]
81. “මහණෙනි, සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.
“මහණෙනි, යම් සේ ගසක්, කොළ අතු මිරිකී ගියේ (-විපරීත වූයේ) එහි පතුරුද, පිරී වැඩීමට නොයයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට නොයයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.
“මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.
“මහණෙනි, යම් සේ ගසක් අතු කොළ සහිත වූයේ එහි පතුරුද පිරී වැඩීමට යයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට යයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.
8. 2. 9. 2.
පුණ්ණිය සූත්‍රය
[සැවැත් නිදානයි]
82. ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?”
“පුණ්ණියය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.
“පුණ්ණිය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.
“පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.”