8. 2. 8. 3.
3. පඨම මරණසති සූත්‍රය
73. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. “භදන්තයෙනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්ද?”
මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය. “ස්වාමීනි, මම මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද?” “ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ‘මමරෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”
“අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි” කියාය.
“භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?” “ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම දවසේ ජීවත් වෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.
“අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි” කියාය.
“භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?” “ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම දවසින් අඩක් ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය සිහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.
“අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි” කියාය.
“යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?” “ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන් යම් අතරක එකම පිණ්ඩපාතයක් වළඳමි. ඒ අතර ජීවත් වෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.
“අනෙක් භික්‍ෂුවක්ද භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, මමත් මරණය සිහි කිරීම භාවිත කෙරෙමි. භික්‍ෂුව, ඔබ කෙසේ මරණය සිහි කිරීම භාවිතා කෙරෙහිද?”
“ස්වාමීනි, මෙහිලා මට අනේ ඇත්තෙන්ම මම යම් අතරක පිණ්ඩපාතයෙන් අඩක් වළඳම්ද, ඒ අතරෙහි ජීවත් වන්නෙම් නම් භාග්‍යවතුන්ගේ ධර්‍මය මෙනෙහි කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.