8. 2. 7. 10.
භුමිචාල සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලා නගර ආසන්න මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙන, විශාලා නගරයෙහි පිඬු පිණිස හැසුරුණ සේක. විශාලාවෙහි පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. “ආනන්දය, හිඳගන්නා ඇතිරිල්ල ගන්න. චාපාල චෛත්යස්ථානය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි යන්නෙමු” “එසේය, ස්වාමිනි,” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට ප්රති වචන දී, වැඩ හිඳින ඇතිරිල්ල රැගෙන භාග්යවතුන් වහන්සේට පිටුපසින් ගියේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාල චෛත්ය ස්ථානය යම් තැනකද, එතැන්හි වැඩි සේක. එසේ වැඩ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ආනන්දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්ය ස්ථානය සිත් කලුය. බහුපුත්ර චෛත්ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්ය ස්ථානය සිත් කලුය.
ආනන්දය, යම් කිසිවකු සතර ඎද්ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. “ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය. මෙසේ භාග්යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස” යයි භාග්යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.
භාග්යවතුන් වහන්සේ දෙවෙනි වරටද, තුන්වෙනි වරටද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. “ආනන්දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්ය ස්ථානය සිත් කලුය. බහුපුත්ර චෛත්ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්ය ස්ථානය සිත් කලුය. ආනන්දය, යම් කිසිවකු සතර ඎද්ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. “ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය. මෙසේ භාග්යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස” යයි භාග්යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. “ආනන්දය, යන්න. ඔබ දැන් කාලය දැනගන්න.” “එසේය, ස්වාමීනි,” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ප්රති වචන දී, අස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණා කොට භාග්යවතුන් වහන්සේට නුදුරෙහි එක්තරා ගසක් මුල හිඳ ගත්හ.
ඉක්බිති පාපීවූ මාර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, දැන් පිරිනිවන් යන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් යන සේක්වා. ස්වාමීනි, දැන් භාග්යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කාලයයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මේ වචනය ප්රකාශ කරණ ලද්දේ නොවේද, එනම් ‘යම්තාක් මාගේ භික්ෂු ශ්රාවකයෝ ව්යක්තවූ, විනීතවූ, විශාරදවු, පැමිණි නිවණ ඇති, බහුශ්රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්රතිපන්නවූ, නිවැරදි පිළිවෙත් ඇති, ධර්මය අනුව හැසිරෙන්නෝ නොවෙද්ද, ස්වකීය ආචාර්ය්යවරයාගෙන් ඉගෙන ප්රකාශ නොකරද්ද, දේශනා නොකරද්ද, නොපනවද්ද, නොතබද්ද, විවෘත නොකරද්ද, ප්රකට නොකරද්ද, උපන් අන්ය වාද ධර්මානුගතව මනාසේ නිග්රහ කොට ප්රාතිහාර්ය්ය සහිතව ධර්මය දේශනා නොකරද්ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි” යි යනුවෙනි.