8. 2. 6. 7.
පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි. කවර අටකින් ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිල්වත් වෙයි -පෙ- ශික්ෂාපදයන්හි සමාදන් වී හික්මෙයි. බහුශ්‍රුත වෙයි -පෙ- නුවණින් (දෘෂ්ටියෙන්) මනාකොට අවබෝධ කළේ වෙයි. කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ, යහපත් සහායයන් ඇත්තේ, යහපත් අය කෙරෙහි නැමුණේ වෙයි. සම්‍යක් දර්ශනයෙන් යුක්ත වූ සම්මා දිට්ඨිකයෙක් (නිවැරදි දැක්ම ඇත්තෙක්) වෙයි. උසස් සිතට අයත් වූ, මෙලොවදීම සැපසේ වාසය කිරීම වූ ධ්‍යාන සතර කැමති සේ ලබන්නේ, දුකක් නැතිව ලබන්නේ, අපහසුවක් නැතිව ලබන්නේ වෙයි. නොයෙක් ආකාර වූ පෙර විසූ ජාතීන් සිහි කරයි. එනම්, එක් ජාතියක් ද, ජාති දෙකක් ද -පෙ- මෙසේ ආකාර සහිතව, නම් ගොත් ආදී විස්තර සහිතව නොයෙක් ආකාර වූ පෙර විසූ ජාතීන් සිහි කරයි. පිරිසිදු වූ, මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් -පෙ- කර්මය පරිදි උපදින සත්ත්වයන් දැනගනියි. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් -පෙ- ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ කරුණු අටින් යුක්ත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි -පෙ- ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි.
8. 2. 6. 8.
දුතිය ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි. කවර අටකින් ද යත්:
“කිනම් අටකින්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම සිල්වත් වේද... බහුශ්‍රුත වේද... පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙක් වේද... ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරඤ්ඤිකාඞ්ගය රක්නෙක් වේද... උපන් නොඇලීම මැඩ වාසය කරයි... උපන් බිය හා භයානක අරමුණ මැඩ සිටී. යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද... ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද... නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි... ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී... මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී... ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී... සත්ත්වයන්ගේ ආශ්රවක්ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි... ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය... මහණෙනි, මේ කරුණු අටින් යුක්තවූ මහණ තෙම ආහුනෙය්‍ය වෙයි... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි.
8. 2. 6. 9.
උජුභූත අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රවූ මේ පුද්ගලයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක්ද යත්?
සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා ආහුනෙය්‍ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙති.
1. මාර්ගයට පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද යන මේ සංඝ තෙමේ ප්‍රඥාවෙන් හා ශීලයෙන් සමාහිත වූයේ, ඍජු වූයේ වේ.
2. පින් කැමැතිවූ, උපධි සහිත (භවයට හේතුවන) පින් කරන්නාවූ, යාග කරන්නාවූ මනුෂ්‍ය ප්‍රාණීන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.