1-510.
රාගාදිපෙය්යාල සූත්ර
සැවැත් නුවර දී ය.
623. මහණෙනි, රාගයාගේ දැනීම පිණිස සප්ත ධර්ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර ධර්ම සතක්ද යත්:
සති සම්බොධ්යඞ්ගය, ධර්මවිචය සම්බොධ්යඞ්ගය, වීර්ය සම්බොධ්යඞ්ගය, ප්රීති සම්බොධ්යඞ්ගය, ප්රශබ්ධි සම්බොධ්යඞ්ගය, සමාධි සම්බොධ්යඞ්ගය, උපෙක්ෂා සම්බොධ්යඞ්ගය යන මේ ධර්මයෝ වෙති.
624. “මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුයි.
මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි. කවර සතක්ද යත්:
අනිත්ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, ආදීනව සංඥාව, ප්රහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව යනුයි.
625. “මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
(1) “කවර සතක්ද යත්?
(2) අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුක් සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය,
(3) මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුය.
626-652. (4) මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානය පිණිස, හීන කිරීම පිණිස, දුරු කිරීම පිණිස, ක්ෂය පිණිස, ව්යය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, අත්හැරීම පිණිස, දුරුකිරීම පිණිස, මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ද්වේෂයාගේ මනා දැනීම පිණිස -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
මෝහයාගේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ක්රෝධයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
බද්ධ වෛරයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ගුණමකු කමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
අනුන්ට දොස් කීමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ඊර්ෂ්යාවේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
මසුරුකමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
රැවටිල්ලේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
කපටිකමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
තද ගතියේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
එකට එක කිරීමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
මානයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
අතිමානයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
මදයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
ප්රමාදයේ මනා දැනීම පිණිස -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
රාගපෙය්යාලං නිට්ඨිතං.
සත්තක නිපාතය නිමි.