11. රාගපෙය්‍යාලං
1-510.
රාගාදිපෙය්යාල සූත්‍ර
සැවැත් නුවර දී ය.
1. මහණෙනි, රාගයාගේ දැනීම පිණිස සප්ත ධර්‍ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර ධර්‍ම සතක්ද යත්:
සති සම්බොධ්‍යඞ්ගය, ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය, වීර්ය සම්බොධ්‍යඞ්ගය, ප්‍රීති සම්බොධ්‍යඞ්ගය, ප්‍රශබ්ධි සම්බොධ්‍යඞ්ගය, සමාධි සම්බොධ්‍යඞ්ගය, උපෙක්‍ෂා සම්බොධ්‍යඞ්ගය යන මේ ධර්‍මයෝ වෙති.
“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුයි.
2. මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි. කවර සතක්ද යත්:
අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව යනුයි.
“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
3. මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි. කවර සතක්ද යත්:
(2) අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුක් සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය,
(3) මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ ධර්ම සත වැඩිය යුතුය.
4-30. (4) මහණෙනි, රාගයාගේ විශිෂ්ට ඥානය පිණිස, හීන කිරීම පිණිස, දුරු කිරීම පිණිස, ක්‍ෂය පිණිස, ව්‍යය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, අත්හැරීම පිණිස, දුරුකිරීම පිණිස, මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
31-60. මහණෙනි, ද්වේෂය විශිෂ්ට ඥානයෙන් දැනීම (අභිඥාව) පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි -පෙ- මහණෙනි, ද්වේෂය පිරිසිඳ දැනීම (පරිඥාව) පිණිස -පෙ- මුළුමනින් ක්ෂය කිරීම (පරික්ෂය) පිණිස -පෙ- ප්‍රහාණය පිණිස -පෙ- ක්ෂය පිණිස -පෙ- වැය වීම පිණිස -පෙ- නොඇල්ම (විරාගය) පිණිස -පෙ- නිරෝධය පිණිස -පෙ- අත්හැරීම (ත්‍යාගය) පිණිස -පෙ- දුරු කිරීම (ප්‍රතිනිස්සර්ගය) පිණිස -පෙ- මේ ධර්ම සත වැඩිය යුතුයි.
61-90. මහණෙනි, මෝහය විශිෂ්ට ඥානයෙන් දැනීම (අභිඥාව) පිණිස ධර්ම සතක් වැඩිය යුතුයි -පෙ- පිරිසිඳ දැනීම (පරිඥාව) පිණිස -පෙ- මුළුමනින් ක්ෂය කිරීම (පරික්ෂය) පිණිස -පෙ- ප්‍රහාණය පිණිස -පෙ- ක්ෂය පිණිස -පෙ- වැය වීම පිණිස -පෙ- නොඇල්ම (විරාගය) පිණිස -පෙ- නිරෝධය පිණිස -පෙ- අත්හැරීම (ත්‍යාගය) පිණිස -පෙ- දුරු කිරීම (ප්‍රතිනිස්සර්ගය) පිණිස -පෙ- මේ ධර්ම සත වැඩිය යුතුයි.
91-120. ක්‍රෝධයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
121-150. බද්ධ වෛරයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
151-180. ගුණමකු කමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
181-210. අනුන්ට දොස් කීමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
211-240. ඊර්‍ෂ්‍යාවේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
241-270. මසුරුකමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
271-300. රැවටිල්ලේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
301-330. කපටිකමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
331-360. තද ගතියේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
361-390. එකට එක කිරීමේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
391-420. මානයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
421-450. අතිමානයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
451-480. මදයේ මනා දැනීම පිණිස -පෙ- මේ සප්ත ධර්මයෝ වැඩිය යුතුය.
481-510. මහණෙනි, ප්‍රමාදය මනාකොට දැනීම (අභිඥාව) පිණිස -පෙ- පිරිසිඳ දැනීම (පරිඥාව) පිණිස -පෙ- මුළුමනින් ගෙවා දැමීම (පරික්ෂය) පිණිස -පෙ- ප්‍රහාණය පිණිස -පෙ- ක්ෂය පිණිස -පෙ- ව්‍යය පිණිස -පෙ- විරාගය පිණිස -පෙ- නිරෝධය පිණිස -පෙ- ත්‍යාගය පිණිස -පෙ- ප්‍රතිනිස්සර්ගය පිණිස -පෙ- මේ ධර්ම හත වැඩිය යුතුය.
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
සත්තක නිපාතය නිමි.