7. 2. 4. 8.
8. අරහන්ත ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
39. “මහණෙනි, ධර්ම සතක් දුරු කළ බැවින් අර්හත් නම් වෙයි. කවර සතක්ද යත්?
ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මෝහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි.
මහණෙනි, මේ ධර්ම සතකගේ දුරුවීමෙන් රහත් නම් වෙයි.”
7. 2. 4. 9.
9. සත්ත අසද්ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
40. “මහණෙනි, මේ අසද්ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්‍රද්ධාව නැත්තේ වේද, පාපයට ලජ්ජාව නැත්තේ වේද, පාපයට බිය නැත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් නැත්තේ වේද. කම්මැලි වේද, මුළාවූ සිහි ඇත්තේ වේද, ප්‍රඥා නැත්තේ වේද,
මහණෙනි, මේ සත අසද්ධර්මයෝ වෙති.”
7. 2. 4. 10.
10. සත්ත සද්ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
41. “මහණෙනි, මේ සද්ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්‍රද්ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජාව ඇත්තේ වේද, පාපයට බිය ඇත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
මහණෙනි, මේ සත සද්ධර්මයෝ වෙති.”
සතරවැනි සමණ වර්ගය නිමි.
එහි උද්දානය:
භික්ඛු, සමණ, බ්‍රාහ්මණ, සොත්ථිය, නහාතක, වෙදගූ, අරිය, අරහා යන සූත්‍ර ද ධර්ම සූත්‍ර දෙක ද යන මේ සූත්‍ර දසයයි.
5. ආහුණෙය්‍ය වර්ගය
7. 2. 5. 1.
චක්ඛු අනිච්චානුපස්සී සූත්‍රය
සැවැත් නුවර දී ය.
1. “මහණෙනි, පූජාවට යෝග්‍යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්‍යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක් ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්‍යය අනුව බලන්නේ, අනිත්‍ය සංඥා ඇත්තේ, අනිත්‍යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්‍රඥාවෙන් වටකළේ වාසය කරයි. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලොවම තෙමේ මනාකොට දැන, ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්‍යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ ප්‍රථම පුද්ගලයා වෙයි.
මහණෙනි, නැවතද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්‍යය අනුව බලන්නේ, අනිත්‍ය සංඥා ඇත්තේ, අනිත්‍යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්‍රඥාවෙන් වටකළේ වාසය කරයි. ඔහුට පෙර පසු නොව එකවිටම ඒ ක්ලේශයන් නැතිවීමද, ජීවිතය නැතිවීමද සිදුවෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්‍යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ දෙවන පුද්ගලයා වෙයි.
“මහණෙනි, නැවතද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්‍යය අනුව බලන්නේ, අනිත්‍ය සංඥා ඇත්තේ, අනිත්‍යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්‍රඥාවෙන් වටකළේ වාසය කරයි. හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් “අන්තරා පරිනිබ්බායී” වෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ -පෙ- ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ තෙවන පුද්ගලයා වෙයි. -පෙ- “උපහච්ච” පරිනිබ්බායී වෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ -පෙ- ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ සිව්වන පුද්ගලයා වෙයි. -පෙ- අසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ -පෙ- ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පස්වන පුද්ගලයා වෙයි. -පෙ- සසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ -පෙ- ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ සයවන පුද්ගලයා වෙයි. -පෙ- ඉහළ ඉපදීමට යන (උද්ධංසෝත) අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, පූජාවට යෝග්‍යවූ -පෙ- ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ සත්වන පුද්ගලයා වෙයි.
“පූජාවට යෝග්‍යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්‍යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති.
7. 2. 5. 2.
චක්ඛු දුක්ඛානුපස්සී ආදී සූත්‍ර
සැවැත් නුවර දී ය.
2. මහණෙනි, පූජාවට සුදුසු වූ, දුර සිට ගෙනවුත් පිදීමට සුදුසු වූ, දන් දීමට සුදුසු වූ, ඇඳිලි බැඳ වැඳීමට සුදුසු වූ, ලෝකයාට අනුත්තර පින්කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. ඒ සත් දෙනා කවරහු ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි දුක අනුව බලන්නේ වාසය කරයි. -පෙ-