7. 2. 4. 9.
9. සත්ත අසද්ධම්ම සූත්රය
[සැවැත් නිදානයි]
40. “මහණෙනි, මේ අසද්ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්රද්ධාව නැත්තේ වේද, පාපයට ලජ්ජාව නැත්තේ වේද, පාපයට බිය නැත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් නැත්තේ වේද. කම්මැලි වේද, මුළාවූ සිහි ඇත්තේ වේද, ප්රඥා නැත්තේ වේද,
මහණෙනි, මේ සත අසද්ධර්මයෝ වෙති.”
7. 2. 4. 10.
10. සත්ත සද්ධම්ම සූත්රය
[සැවැත් නිදානයි]
41. “මහණෙනි, මේ සද්ධර්මයෝ සතෙකි. ඒ සත කවරේද?
ශ්රද්ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජාව ඇත්තේ වේද, පාපයට බිය ඇත්තේ වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද. පටන් ගන්නා ලද වීර්ය්ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
මහණෙනි, මේ සත සද්ධර්මයෝ වෙති.”
සතරවැනි සමණ වර්ගය නිමි.
එහි උද්දානය:
භික්ඛු, සමණ, බ්රාහ්මණ, සොත්ථිය, නහාතක, වෙදගූ, අරිය, අරහා යන සූත්ර ද ධර්ම සූත්ර දෙක ද යන මේ සූත්ර දසයයි.
5. ආහුණෙය්ය වර්ගය
7. 2. 5. 1.
චක්ඛු අනිච්චානුපස්සී සූත්රය
සැවැත් නුවර දී ය.
95. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති.
“ඒ සත් දෙන කවරහුද? (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ (3) හෙතෙම ආශ්රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද මෙලොවම තෙමේ මනාකොට දැන, ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ ප්රථම පුද්ගලයා වෙයි.
(2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ ඔහුට පෙර පසු නොව එකවිටම ඒ ක්ලේශයන් නැතිවීමද, ජීවිතය නැතිවීමද සිදුවෙයි. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ දෙවන පුද්ගලයා වෙයි.
“මහණෙනි, නැවතද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් “අන්තරා පරිනිබ්බායී” වෙයි. මේ තෙවන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ, අනිත්ය සංඥා ඇත්තේ, අනිත්යය විඳින්නේ, නිරන්තරයෙන් ක්ලේශයන් ගැවසී නොගත් සිත් ඇත්තේ, සිතින් ඇලෙන්නේ, ප්රඥාවෙන් වටකළේ හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් “උපහච්ච” පරිනිබ්බායී වෙයි. මේ සිව්වන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ... හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී වෙයි. මේ සයවන පුද්ගලයා වෙයි. (2) මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි අනිත්යය අනුව බලන්නේ... හෙතෙම පස් වැදෑරුම් ඕරම්භාගීය සංයෝජනයන් (මෑත බැඳුම් පහ) ගේ දුරු කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී වෙයි. ඉහළ ඉපදීමට යන අකනිට්ඨගාමී පුද්ගලයා වෙයි. මහණෙනි (1) පූජාවට යෝග්යවූ... ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. මේ සත්වන පුද්ගලයා වෙයි.
“පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති.
7. 2. 5. 2.
චක්ඛු දුක්ඛානුපස්සී ආදී සූත්ර
සැවැත් නුවර දී ය.
96-622. (1) “පූජාවට යෝග්යවූ, දුර සිට ගෙනවුත් පිදීමට යෝග්යවූ, දන් දීමට සුදුසුවූ, දෙඅත් හිස මත තබා වැඳීමට යෝග්යවූ, ලෝකයාගේ නිරුත්තර පින් කෙත වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙති. “ඒ සත්දෙන කවරහුද?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසෙහි දුක අනුව බලන්නේ වාසය කරයි. -පෙ-