7. 2. 2. 9.
සුනෙත්ත සූත්රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. සුනෙත්ත ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. සුනෙත්ත ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.”
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, මූගපක්ඛ ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. මූගපක්ඛ ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. මූගපක්ඛ ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, මූගපක්ඛ ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.” “මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, අරණෙමි නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරණෙමි ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. අරණෙමි ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. අරණෙමි ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, අරණෙමි ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.” “මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, කුද්දාල නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, කුද්දාල ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. කුද්දාල ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. කුද්දාල ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, කුද්දාල ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.” “මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, හත්ථිපාල නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, හත්ථිපාල ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. හත්ථිපාල ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. හත්ථිපාල ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, හත්ථිපාල ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.” “මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, ජෝතිපාල නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, ජෝතිපාල ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. ජෝතිපාල ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, ජෝතිපාල ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.” “මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්ථක නායකවූ, අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම, බ්රහ්ම ලෝක ගමන පිණිස ශ්රාවකයන්ට ධර්මය දේශනා කළේය. අරක ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, අරක ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්හ.”
“මහණෙනි, කුමකැයි සිතන්නහුද? කාමයන්හි වීතරාග ඇති නොයෙක් සිය ගණන් ශ්රාවකයන් සහිත සමූහයා පිරිවැරූ තීර්ත්ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි යමෙක් දුෂ්ටවූ සිතින් ආක්රොශ කරන්නේ නම්, බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේද?”
“එසේය ස්වාමිනි.”
“මහණෙනි, යමෙක් වනාහි කාමයන්හි වීතරාගීවූ නොයෙක් සිය ගණන් ශ්රාවයන් සහිත සමූහයා පරිවැරූ තීර්ත්ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි දුෂ්ටවූ සිතින් ආක්රෝෂ කරන්නේ නම් බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේය. යමෙක් එක්තරා සම්යක් දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙකුට ආක්රෝෂ කරන්නේ නම් බණින්නේ නම් මේ තෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේය. එයට හේතු කවරේද? යම්සේ මාගේ සබ්රහ්මචාරීන් කෙරෙහි මෙන් මේ ශාසනයෙන් අන්යවූවන් කෙරෙහි මෙබඳුවූ ඉවසීමක් මම නොකියමි.
මහණෙනි, එහෙයින් මෙහිලා හික්මිය යුතුය. මාගේ සබ්රහ්මචාරීන් කෙරෙහි සිත් ප්රදූෂ්ය වන්නේද කියායි. මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුතුය.
7. 2. 2. 10.
අරක සූත්රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති තීර්ත්ථක නායකවූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම ශ්රාවකයන්ට මෙසේ ධර්මය දේශනා කළේය. ‘බ්රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්රාහ්මණයෙනි, යම් සේ තණ අග පිනි බිඳ හිරු නැගෙන කල්හි වියලී යේද, ස්ථිරව නොපිහිටියේ වේද, එපරිද්දෙන්ම බ්රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණ අග පිනි බිඳ සමානය. ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්රාහ්මණයෙනි, යම් සේ ලොකු පොද ඇති වැස්ස වසින කල්හි ඇතිවන දිය බුබුල වහා නැති වේද, බොහෝ වේලා නොපවත්නේද, බ්රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ මේ ජීවිතය දිය බුබුලට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්රාහ්මණයෙනි, යම් සේ දියෙහි ඇඳි (රේඛාව) ඉර වහාම මැකීයේද, බොහෝ කල් නොපවත්නේද, එපරිද්දෙන්ම බ්රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය දියෙහි ඇඳි ඉරට උපමා කටයුතුය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්රාහ්මණයෙනි, යම් සේ පර්වතයෙන් පටන්ගත් ගඟ දුර ගමන් ඇත්තේ වහා ගමන් කරන්නේ සීඝ්ර සැඩ පහර ඇත්තේ ක්ෂණයක් හෝ ක්ෂණ දශයක් හෝ මොහොතක් හෝ ගලා බසී නම් එය ගමන් කෙරේමය. වෑහේමය. පවතීමය. බ්රාහ්මණයෙනි, එමෙන්ම මිනිසුන්ගේ ජීවිතය පර්වයකින් පටන් ගන්නා ගඟකට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.