7. 1. 2. 9.
9. නිබ්බාණසුඛානුපස්සි සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
19. “මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. “කවර සත් දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
“මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
“නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, “නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශේෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්‍ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. 1. 2. 10.
10. නිදස්සවත්‍ථු සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
20. “මහණෙනි, මේ නිර්දෝෂ වස්තූහු සතක් වෙති. “කවර සතක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශික්‍ෂා සමාදානයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ශික්‍ෂා සමාදානයෙහි නොහළ පෙම් ඇත්තේ ධර්මය පිළිබඳ ඇල්මෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ධර්මය පිළිබඳ ඇල්මෙහි නොහළ පෙම් ඇත්තේ ආශාව හික්මවීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ආශාව හික්මවීමෙහි නොහළ පෙම් ඇත්තේ විවේකයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද විවේකයෙහි නොහළ පෙම් ඇත්තේ වීර්‍ය්‍යාරම්භයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, වීර්‍ය්‍යාරම්භයෙහි නොහළ පෙම් ඇත්තේ ප්‍රඥා ස්මෘතියෙහි (සිහි නුවණෙහි) දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ප්‍රඥා ස්මාතියෙහි නොහළ පෙම් ඇත්තේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රතිවේධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
මහණෙනි, මේ සප්ත නිර්දෝෂ වස්තූහු වෙත්.”
දෙවැනි අනුසය වර්‍ගය නිමි.
එහි උද්දානය:
අනුසය සූත්‍ර දෙකක් ද, කුල සූත්‍රය ද, පුග්ගල සූත්‍රය ද, පස් වැනි වූ උදකූපම සූත්‍රය ද,
අනිච්ච, දුක්ඛ, අනත්ත, සුඛ සූත්‍ර ද, නිද්දසවත්ථු සූත්‍රය ද යන මෙහි සූත්‍ර දසයකි.