7. 1. 1. 7.
7. උග්ගමහාමත්ත සූත්‍රය
[සැවැත් නිදානයයි]
7. “ඉක්බිත්තෙන් උග්ග නම් රාජ මහාමාත්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ග රාජ මහාමාත්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“ස්වාමිනි, ආශ්චර්‍ය්‍යයකි. ස්වාමීනි, පුදුමයකි. රොහනෙය්‍ය නම් මිගාර තෙම යම්තාක් ආඪ්‍යද, යම්තාක් මහත් ධන ඇත්තේද, යම්තාක් මහා භෝග ඇත්තේ වෙයිද,
ස්වාමීනි, රෝහනෙය්‍ය නම් මිගාරතෙම. කොපමණ ආඪ්‍යවූයේද, කොපමණ මහත් ධන ඇත්තේද, කොපමණ මහා භෝග ඇත්තේද,
අමුරන්ම ලක්‍ෂයකි. රිදී ගැන කියනුම කවරේද?
“උග්ගය, ඇත්තාවූ ඒ ධනය ඕහට නැත්තේයයි කියමි. උග්ගය, එසේ නමුදු ඒ ධනය ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද සාධාරණ වන්නේය.
“උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
“ඒ සත කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
“ශ්‍රද්‍ධා ධනයද, වීර්‍ය්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ.
මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ.
උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශේෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.”
7. 1. 1. 8.
8. සත්ත සංයෝජන සූත්‍රය
[සැවැත් නිදානයයි]
8. “මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
“කවර සතක්ද? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, භවරාග සංයෝජනය, අවිජ්ජා සංයෝජනය,
මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.”
7. 1. 1. 9.
9. සංයෝජන සමුච්ඡේද සූත්‍රය
[සැවැත් නිදානයයි]
9. “මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
“කවර සතකගේද? අනූනය සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
“මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
“මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.
7. 1. 1. 10.
10. මච්ඡරිය සංයෝජන සූත්‍රය
[සැවැත් නිදානයයි]
10. “මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.
“කවර සතක්ද යත්? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්ඡරිය සංයෝජනය
යන මේ සත සංයෝජනයෝ වෙති.”
පළමුවැනි ධන වර්‍ගය නිමි.
එහි උද්දානය (මාතෘකා):
පිය සූත්‍ර දෙකයි, බලය, ධනය, සංඛිත්ත හා විත්‍ථත සූත්‍ර දෙකයි, උග්ග, සංයෝජන, පහාන හා මච්ඡරිය සූත්‍රයෙන් දස වැන්නයි.