6. 2. 4. 4.
4. සුස්සූසන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
34. “මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්ම විනය දේශනා කරණ කල්හි නොඅසාද. කණ නොනමාද. වෙන කරුණක් සිතට නගා ගනීද, අනර්ත්ථයක්ම ගනීද, අර්ත්ථය නොසලකා හරීද. පිළිවෙලින් තොරවූ ඉවසීමෙන් යුක්ත වේද.
මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද:
තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්ම විනය දේශනා කරණ කල්හි අසාද. කන් නමාද. වෙන කරුණක් සිතට නගා නොගනීද, අර්ත්ථයක්ම ගනීද, අර්ත්ථය සලකාද. පිළිවෙලින් යුක්තවූ ඉවසීමෙන් යුක්ත වේද.
මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
6. 2. 4. 5.
5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්රය
[සැවැත් නුවර නිදානයි]
35. “මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්ය ශීල ව්රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්ය ශීල ව්රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය.
6. 2. 4. 6.
6. පහීන ධම්මඡක්ක සූත්රය
[සැවැත් නුවර නිදානයි]
36. “මහණෙනි, කරුණු සයක් සෝවාන් පුද්ගලයාට ප්රහීණ වූවාහු වෙති. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්ය ශීල ව්රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, කරුණු සයක් සෝවාන් පුද්ගලයාට ප්රහීණ වූවාහු වෙති.
6. 2. 4. 7.
7. උප්පාදනායාභබ්බධම්ම සූත්රය
[සැවැත් නුවර නිදානයි]
37. “මහණෙනි, සෝවාන් පුද්ගලයා කරුණු සයක් උපදවන්නට නුසුදුසු වෙයි. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්ය ශීල ව්රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, සෝවාන් පුද්ගලයා කරුණු සයක් උපදවන්නට නුසුදුසු වෙයි.
6. 2. 4. 8.
8. ඡඅභබ්බට්ඨාන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
38. “මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
සෝවාන් පුද්ගලයා ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ධර්මය කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා නොපැමිණෙන ස්ථානයට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අටවෙනි භවයක් උපදවන්නට නුසුදුසුය.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.
6. 2. 4. 9.
9. කිඤ්චිසංඛාරූප ගමන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද:
සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් නිත්ය වශයෙන් ගන්නට නුසුදුසු වෙයි. සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා කිසි ධර්මයක් ආත්ම වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ආනන්තරිය කර්මයක් කිරීමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ඇසූ දුටු දේ මගුල් වශයෙන් පිරිසිදුයයි ගෙන හැරීයාමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීමට නුසුදුසුය.
මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.