6. 2. 3. 4.
4. සුඛසොමනස්සබහුල සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
24. 24 “මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
“කවර සයෙකින්ද යත්? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙම ධර්මයෙහි ඇළුණේ වේද, භාවනාවෙහි ඇළුණේ වේද, පව් ගෙවා දැමීමෙහි ඇළුණේ වේද, තද විවේකයෙහි ඇළුණේ වේද, කෝප නොකිරීමෙහි ඇළුණේ වේද, නොපමාවේ ඇළුණේ වේද, කියාය.
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
6. 2. 3. 5.
5. අනධිගතාධිගමන සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
25. “මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොදත් කුශල ධර්මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්මය දියුණු කිරිමට හෝ අසමර්ථය.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂුව අයෙහි දක්ෂයෙක් නොවේද. වැයෙහි දක්ෂයෙක් නොවේද. උපායෙහි දක්ෂයෙක් නොවේද. නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට කැමැත්ත නූපදවාද, පැමිණි කුශල ධර්මයන් හොඳට නොරකීද, නිතර පැවැත්විමට නොසලසාද (කියායි.)
“මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්මයන් දියුණු කිරිමට අසමර්ථය.
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව නොලත් කුශල ධර්මය ලබා ගැනීමට හෝ ලත් කුශල ධර්මය වඩා ගැනීමට හෝ හැකි වෙයි. කවර සයකින් ද යත්:
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂුව අයෙහි දක්ෂයෙක් වේද. වැයෙහි දක්ෂයෙක් වේද. උපායෙහි දක්ෂයෙක් වේද. නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට කැමැත්ත උපදවාද, පැමිණි කුශල ධර්මයන් හොඳට රකීද, නිතර පැවැත්විමට සලසාද (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්මයන් දියුණු කිරිමට සමර්ථය.
6. 2. 3. 6.
6. මහත්තපාපුණන සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
26. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්ෂුතෙම ආලෝකය බහුලකොට ඇත්තේ වේද, භාවනා යෙදීම බහුලකොට ඇත්තේ වේද, ප්රීති ප්රමෝදය බහුලකොට ඇත්තේ වේද, අසන්තෝෂය (කුශල ධර්මයන්හි නොසෑහීම) බහුලකොට ඇත්තේ වේද, කුශල ධර්මයන්හි බහා නොතබන ලද කටයුතු ඇත්තේ වේද, මතු මත්තෙහිද ගමන් කෙරේද (යන මොහුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
6. 2. 3. 7.
7. පානාතිපාතාදී ඡධම්ම සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
27. “මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
“කවර සයකින්ද යත්? සතුන් නසන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, බොරු කියන්නේ වේද, ලාමකවූ කැමැත්ත ඇත්තේද, වැරැදි දැකීම ඇත්තේද, (යන මොහුයි.)