3. අරහත්ත වර්ගය
6. 2. 3. 1.
1. දිඨධම්ම විහරණ සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
21. “මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.
“කවර සයෙකින්ද යත්? කාම සිතුවිල්ලෙන්, නපුරු සිතුවිල්ලෙන්, හිංසා සිතුවිල්ලෙන්, කාම වැටහීමෙන්, නපුරු වැටහීමෙන්, හිංසා වැටහීමෙන්ය.
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.
“මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.
“කවර සයෙකින්ද යත්? කාමයෙන් නික්මීමේ සිතුවිල්ල, නපුරු නැති සිතුවිල්ල, හිංසා නැති සිතුවිල්ල, කාමයෙන් නික්මීමේ වැටහීම, නපුරු නැති වැටහීම, හිංසා නැති වැටහීම.
මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.
6. 2. 3. 2.
2. අරහන්තසච්චිකරණ සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
22. “මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.
“කවර සයක්ද යත්? මානය, අවමානය, අතිමානය, අධිමානය. තදගතිය, තද නිවටකමයි.
මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව අත්කිරීමට නොහැකිය.
මහණෙනි, කරුණු සයක් හැර දමා රහත්බව අත්කිරීමට හැකි වෙයි. කවර සයක්ද යත්?
මානය, අවමානය, අතිමානය, අධිමානය. තදගතිය, තද නිවටකමයි.
මහණෙනි, මේ කරුණු සය හැර දමා රහත්බව අත්කිරීමට හැකි වෙයි.
6. 2. 3. 3.
3. උත්තරිමනුස්සධම්ම සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
23. “මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.
“කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය.
මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.
“මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.
“කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය.
මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.
6. 2. 3. 4.
4. සුඛසොමනස්සබහුල සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
24 “මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
“කවර සයෙකින්ද යත්? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙම ධර්මයෙහි ඇළුණේ වේද, භාවනාවෙහි ඇළුණේ වේද, පව් ගෙවා දැමීමෙහි ඇළුණේ වේද, තද විවේකයෙහි ඇළුණේ වේද, කෝප නොකිරීමෙහි ඇළුණේ වේද, නොපමාවේ ඇළුණේ වේද, කියාය.
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
6. 2. 3. 5.
5. අනධිගතාධිගමන සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
25. “මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොදත් කුශල ධර්මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්මය දියුණු කිරිමට හෝ අසමර්ථය.