6. 2. 2. 3.
මිත්ර සූත්රය
සැවැත් නුවර දී ය.
13. මහණෙනි, ඒකාන්තයෙන් පවිටු මිත්රයන් ඇති, පවිටන් සහාය කොට ඇති, පවිටන්ට නැමෙන. පවිටු මිත්රයන් ආශ්රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් ආරක්ෂා කරයි යන, මෙය සිදු නොවේ. හැසිරීම පිණිසවූ සිරිත් විරිත් නොරැක ශෛක්ෂධර්ම පුරයි යන මෙය විද්යමාන නොවේ. ශෛක්ෂධර්ම නොපුරා, සිල් පුරන්නේය යන මෙය විද්යමාන නොවේ. සිල් නොපුරා, කාමාශාව හෝ, රූපාශාව හෝ, අරූප ආශාව හෝ දුරු කරන්නේය යන මෙය විද්යමාන නොවේ.
මහණෙනි, ඒකාන්තයෙන් යහපත් මිත්රයන් ඇති, යහපත් මිත්රයන් සහාය කොට ඇති, යහපත් මිත්රයන්ට නැමෙන. යහපත් අය හා ආශ්රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරවන්නේය යන මේ කාරණය විද්යමාන වේ. හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරා ශෛක්ෂධර්ම පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. ශෛක්ෂධර්ම පුරා, සිල් පුරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. සිල් පුරා, කාමාශාව, රූපාශාව, අරූපාශාව දුරු කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.
6. 2. 2. 4.
සංඝනිකාරාම සූත්රය
සැවැත් නුවර දී ය.
14. මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි ඇලුනේ, සමාගමෙහි නිරතවූයේ, සමාගමට එක්වීමෙහි යෙදුනේ, පිරිසෙහි ඇලුනේ. පිරිස සමග නිරතවූයේ, පිරිස සමග එක්වීමෙහි යෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේයයි මේ කාරණය විද්යමාන නොවේ. තනිව විවේකයෙහි නොඇලෙන්නේ, සිතට අරමුණ ගන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සිතට අරමුණ නොගන්නේ, සම්යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සම්යක් දාෂ්ටිය නොපුරා, සම්යක් සමාධිය පුරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සම්යක් සමාධිය නොපුරා, සංයෝජන දුරුකරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ. සංයෝජනයන් දුරු නොකොට නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්යමාන නොවේ.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි නොඇලුනේ, සමාගමෙහි නිරත නොවූයේ, සමාගමට එක්වීමෙහි නොයෙදුනේ, පිරිසෙහි නොඇලුනේ. පිරිස සමග නිරත නොවූයේ, පිරිස සමග එක්වීමෙහි නොයෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේය යන මේ කරුණ විද්යමාන වේ. තනිව විවේකයෙහි ඇලෙන්නේ, සිතට නිමිත්ත ගන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සිතට නිමිත්ත ගන්නේ, සම්යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සම්යක් දාෂ්ටිය පුරා, සම්යක් සමාධිය පුරන්නේය යන මේ කරුණ විද්යමාන වේ. සම්යක් සමාධිය පුරා, සංයෝජනයන් දුරුකරන්නේය යන මේ කාරණය විද්යමාන වේ. සංයෝජනයන් දුරු කර නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්යමාන වේ.
6. 2. 2. 5.
දේවතා සූත්රය
සැවැත් නුවර දී ය.
15. ඉක්බිති එක්තරා දිව්ය පුත්රයෙක් මධ්යම රාත්රිය ඉක්මවූ කල්හි, යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුළුවා, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය: