6. 1. 5. 12.
ධම්මික සූත්රය
54. “එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ධම්මික ස්ථවිර තෙමේ ආවාස සතක් ඇති මුළු ජාති භූමියෙහිම ආවාස භාරව සිටී.
“එකල්හි වනාහි ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි.
“ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?’
“ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.”
ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, “ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ” යි කීවාහුය.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන් අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි.
ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?’
“ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ.”
ඉක්බිති ජාත භූමියෙහිවූ උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් ධම්මිකට, “ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මේ ආවාසයෙන් බැහැර යේවා. ඔබගේ මෙහි විසීමෙන් පලක් නැතැ” යි කීවාහුය.
ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙමේ ඒ ආවාසයෙන්ද අනික් ආවාසයකට ගියේය. එහිද ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. හිංසා කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචනයෙන් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි.
ඉක්බිති ජාති භූමියෙහිවූ උපාසකයන්ට ‘අපි වනාහි භික්ෂු සංඝයා සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩුවලින් උපස්ථාන කළෝ වෙමු. නමුත් ආගන්තුග භික්ෂූහු පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙත්. යම් කරුණකින් ආගන්තුග භික්ෂූහු පිටවීයත්ද. නොනවතිත්ද. ආවාසය හිස්වෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?’
“ඉක්බිති ජාති භූමික උපාසකවරුන්ට, ‘මේ ආයුෂ්මත් ධම්මික තෙමේ ආගන්තුග භික්ෂූන්ට වෛර කරයි. බනියි. වෙහෙස කරයි. වචනවලින් විදියි. කෝප කරවයි. ඒ ආගන්තුග භික්ෂූහු, ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් වෛර කරණු ලබන්නාහු, බනිනු ලබන්නාහු, වෙහෙස කරණු ලබන්නාහු, වචන වලින් විදිනු ලබන්නාහු, කෝප කරවණු ලබන්නාහු, පිටවීයත්. නොනවතිත්. ආවාසය හිස්වෙයි. අපි ආයුෂ්මත් ධම්මක නෙරපන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූහ. ජාති භූමියෙහි ආවාස සතින්ම නෙරපන්නෙම් නම් යෙහෙකැයි සිතූහ.”
ඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ධම්මිකයන්ට මෙසේ කීවාහුය: ‘ස්වාමීනි, ආයුෂ්මත් ධම්මික තෙමේ මුළු ජාතිභූමිය වූ ආවාස සතින්ම බැහැර යේවා’ යි.
ඉක්බිති ආයුෂ්මත් ධම්මිකට, ‘ජාති භූමියෙහිවූ උපාසකයන් විසින් ජාති භූමියෙහිවූ සම්පූර්ණ ආවාස සතින්ම මා නෙරපනු ලැබීමි. දැන් කොහි යන්නෙම්දැ’ යි මේ සිත විය. ඉක්බිති ආයුෂ්මත් ධම්මික, ‘මම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි යන්නෙම් නම් යෙහෙකැ’ යි සිතූයේය.