6. 1. 3. 6.
6. මහාකච්චාන ඔකාසාධිගම සූත්රය
[සැවැත් නුවර දී ය]
ඉක්බිත්තෙන් ආයුෂ්මත් මහාකාත්ත්යායයන් වහන්සේ, ‘ඇවැත් භික්ෂූනි’ යි භික්ෂූන් ඇමැතීය. ‘ඇවැත්ති’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්ත්යායයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහාකාත්ත්යායයන් වහන්සේ මෙය වදාළ සේක:
“භාග්යවත්වූ, දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් යම්තාක් මෙය මනාකොට කියන ලදද (එය) ඇවැත්නි අසිරියි, ඇවැත්නි පුදුමයි. යම් මේ අනුස්මෘති කාරණ සයෙක් වේද, සත්ත්වයන්ගේ පිරිසිදුබවට, හැඬීම් වැලපීම් නැතිකිරීමට, දුක් දොම්නස් අස්තංගත කිරීමට, දතයුත්ත දැනගැනීමට, නිවන අත්කිරීමට, මද අවකාශයෙහි අවසරය පරිදි තේරුම් ගත යුතුය. අනුව අවබෝධ කළ යුතුයි. කවර සයක්ද යත් ?
“ඇවැත්නි මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවක තෙම තථාගතයන් අනුස්මරණය කරයි: 'ඒ භගවත් තෙමේ මේ කාරණයෙන්ද අර්හත්ය... භාග්ය ඇත්තේය' යි. ඇවැත්නි, යම්විටක ආර්ය ශ්රාවක තෙමේ තථාගයන් අනුස්මරණය කෙරේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් නැගිටුණේ නොවේ... එසමයෙහි ඔහුගේ සිත කෙළින් සිටියේම වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.
“ඇවැත්ති, නැවත ආර්ය්යශ්රාවක තෙම ධර්මය සිහි කරයි: 'භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී... නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේය' යි. ඇවැත්නි, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම ධර්මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ... ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.
“ඇවැත්නි, නැවත ආර්ය්යශ්රාවක තෙම සංඝයා සිහි කරයි: 'භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය... ලෝකයාගේ ශ්රේෂ්ඨ පින් කෙතය' යි. ඇවැත්නි, යම් කාලයක ආර්ය්ය ශ්රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ... ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.
“ඇවැත්නි, නැවත ආර්ය්යශ්රාවක තෙම තමාගේ ශීලය සිහි කරයි... ඇවැත්නි, යම් කාලයක ආර්ය්ය ශ්රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ... ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.
“ඇවැත්ති, නැවත ආර්ය්ය ශ්රාවක තෙම තමාගේ ත්යාග ගුණය සිහි කරයි... ඇවැත්නි, යම් කාලයක ආර්ය්ය ශ්රාවකතෙම ත්යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ... ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.
“ඇවැත්නි, නැවත ආර්ය්ය ශ්රාවක තෙම දේවතාවුන් සිහි කරයි... ඇවැත්නි, යම් කාලයක ආර්ය්ය ශ්රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ... ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. ... ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. ඇවැත්නි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. ඇවැත්නි, ඒ මේ ආර්ය්යශ්රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්රමාණවූ වෛර නැත්තාවූ, ක්රොධ නැත්තාවූ, සිතින් වාසය කරයි. ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.