6. 1. 2. 3.
3. නිස්සාරණීය ධාතු සූත්රය
සැවැත් නුවර දී ය.
13. “මහණෙනි, ඉවත් කළයුතු අදහස් හෙවත් කරුණු සයක් වෙති. “ඒ සය කවරහුද ?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය. ‘මවිසින් මෛත්රී චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ ව්යාපාදය සිත පැතිර සිටියි’ යනුවෙනි. එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය. ‘ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු මෛත්රී චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ ව්යාපාදය සිත පැතිර පවතීය යන කාරණය විද්යමාන නොවේ. යම් ඒ මෛත්රී චෙතො විමුක්තියක් ඇද්ද, ඇවැත්නි, එය ව්යාපාදය බැහැර කරණ තැනකි.
“මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය. ‘මවිසින් කරුණා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ හිංසාව සිත පැතිර සිටියි’ එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය. ‘ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු කරුණා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ විහිංසාව සිත පැතිර පවතීය යන කාරණය විද්යමාන නොවේ. යම් ඒ කරුණා චෙතො විමුක්තියක් ඇද්ද, එය විහිංසාව බැහැර කරණ තැනකි.
“මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය. ‘මවිසින් මුදිතා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ කුශල ධර්මයන්හි නොඇල්ම සිත පැතිර සිටියි’ එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය. ‘ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු මුදිතා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ කුශල ධර්මයන්හි නොඇල්ම සිත පැතිර පවතීය යන කාරණය විද්යමාන නොවේ. යම් ඒ මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද, ඇවැත්නි, එය අරතිය බැහැර කරණ තැනකි.
“මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේය. ‘මවිසින් උපෙක්ෂා චෙතො විමුක්තිය වනාහි භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු මාගේ රාගය සිත පැතිර පවතියි’ . එය එසේ නොකිය යුතුයයි කියයුතු වන්නේය. ‘ආයුෂ්මතුනි, එසේ නොකියන්න. භාග්යවතුන් වහනසේට අභූතයෙන් දොස් නොකියන්න. භාග්යවතුන් වහන්සේට අභූතයෙන් දොස් කීම යුතු නොවේ. භාග්යවතුන් වහන්සේ මෙසේ නොකියන්නේය. ඇවැත්නි, මෙය දොස් කීමට අයෝග්ය තැනකි. අනවකාශ තැනකි. යමෙකු උපෙක්ෂා චෙතො විමුක්තිය භාවිත කරණ ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, ඉතා පුහුණු කරණ ලද්දේ, අඩිතාලමක් මෙන් මනාසේ පුහුණු කරණ ලද්දේ, නොනැගිට පුහුණු කරණ ලද්දේ, පුරුදු කරණ ලද්දේ, බලවත්සේ ආරම්භ කරණ ලද්දේ වෙයි. එසේ නමුදු ඔහුගේ රගය සිත පැතිර පවතීය යන කාරණය විද්යමාන නොවේ. යම් ඒ උපෙක්ෂා චෙතො විමුක්තියක් ඇද්ද, එය රාගය බැහැර කරණ තැනකි.