9-17. නිගණ්ඨසුත්තාදිනවකං
[සැවැත් නිදානයි]
9-17. “මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ නිඝණ්ඨ තෙම -පෙ- නිඝණ්ඨ ශ්රාවක තෙම -පෙ- තාපස තෙම -පෙ- පරිබ්රාජක තෙම -පෙ- මාගන්දික තෙම -පෙ- තෙදණ්ඩික තෙම -පෙ- අරුද්ධක තෙම -පෙ- ගොතමක තෙම -පෙ- දෙව ධර්මික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ දෙව ධර්මික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
රාගපෙය්යාලං
[රාගාදිපෙය්යාල සූත්ර]
[සැවැත් නිදානයි]
1. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
2. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අනිත්ය සංඥාවය, අනාත්ම සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
3. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුක්ඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්රහාණ සංඥාවය, විරාග සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
4. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
ශ්රදේධන්ද්රිය, වීය්රේයන්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, ප්රඥෙන්ද්රිය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
5. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
ශ්රද්ධා බලය, වීයර්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.