රාගපෙය්යාලං
[රාගාදිපෙය්යාල සූත්ර]
[සැවැත් නිදානයි]
1. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
2. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අනිත්ය සංඥාවය, අනාත්ම සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
3. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අනිත්ය සංඥාවය, අනිත්යයෙහි දුක්ඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්රහාණ සංඥාවය, විරාග සංඥාවය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
4. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
ශ්රදේධන්ද්රිය, වීය්රේයන්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, ප්රඥෙන්ද්රිය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
5. මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
ශ්රද්ධා බලය, වීයර්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය.
මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුයි.
[රාගාදිපෙය්යාලය]
[සැවැත් නිදානයි]
6-850. මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් නැසීම පිණිස, දුරු කිරීම පිණිස, ක්ෂය කිරීම පිණිස, විනාශ කිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධ කිරීම පිණිස, අත්හැරීම පිණිස, දුරලීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
අශුභ සංඥාව -පෙ- මේ ධර්ම පස වැඩිය යුතුය.
ද්වේෂයාගේ, මෝහයාගේ, ක්රෝධයාගේ, බද්ධවෛරයාගේ, මක්ඛයාගේ, අනුන්ට දොස් කීමේ, ඊර්ෂ්යාවගේ, මාත්සර්ය්යයාගේ, මායාවගේ, කෛරාටික භාවයාගේ, දැඩි බැව්හුගේ, එකට එක කිරීමේ, මානයාගේ, අධික මානයාගේ, මදයාගේ [විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස -පෙ-]
මහණෙනි, ප්රමාදයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් නැසීම පිණිස, දුරු කිරීම පිණිස, ක්ෂය කිරීම පිණිස, විනාශ කිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධ කිරීම පිණිස, අත්හැරීම පිණිස, දුරලීම පිණිස ධර්ම පසක් වැඩිය යුතුයි. කවර පසක්ද යත්:
ශ්රද්ධා බලය, වීයර්ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්රඥා බලය.
මහණෙනි, ප්රමාදයාගේ දුරලීම පිණිස මේ ධර්ම පස වැඩිය යුතුය.
රාගපෙය්යාලං නිට්ඨිතං.
තස්සුද්දානං:
අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරොධ, චාග, පටිනිස්සග්ග යන මොහු දස දෙනෙකි.
තත්රිදං වග්ගුද්දානං:
සේඛබල, බල, පඤ්චංගික, සුමන, මුණ්ඩ, නීවරණ, සඤ්ඤා සහ අටවන යෝධාජීව ද,
ථේර, කකුධ, ඵාසුක, දොළොස්වන අන්ධකවින්ද, ගිලාන, රාජ, තිකණ්ඩ, සද්ධම්ම, ආඝාත, උපාසක ද,
අරඤ්ඤ, බ්රාහ්මණ, කිම්බිල, අක්කෝසක, දීඝචාරික, ආවාසික, දුච්චරිත සහ උපසම්පදා යැයි (සූත්ර වෙති).
පඤ්චක නිපාතය නිමි.