8. ආජීවකසුත්තං
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ ආජීවක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්‍රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ ආජීවක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
9-17. නිගණ්ඨසුත්තාදිනවකං
[සැවැත් නිදානයි]
9-17. “මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ නිඝණ්ඨ තෙම -පෙ- නිඝණ්ඨ ශ්‍රාවක තෙම -පෙ- තාපස තෙම -පෙ- පරිබ්‍රාජක තෙම -පෙ- මාගන්‍දික තෙම -පෙ- තෙදණ්ඩික තෙම -පෙ- අරුද්‍ධක තෙම -පෙ- ගොතමක තෙම -පෙ- දෙව ධර්මික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්?
සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්‍රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ දෙව ධර්මික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.