[දෙවන භත්තුද්දෙසක ආදී සූත්‍ර]
[සැවැත් නිදානයි]
2-5. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි. කවර පසකින්ද යත්?
ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.
2-14. සෙනාසනපඤ්ඤාපකසුත්තාදිතෙරසකං
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්?
ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්?
ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, පනවන ලද්ද හා නොපනවවන ලද්ද දනීද යන පසිනි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි.
7. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, පනවන ලද්ද හා නොපනවවන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
8. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත කටයුතුයි.
9. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.