2-14. සෙනාසනපඤ්ඤාපකසුත්තාදිතෙරසකං
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්?
ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්?
ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, පනවන ලද්ද හා නොපනවවන ලද්ද දනීද යන පසිනි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි.
7. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, පනවන ලද්ද හා නොපනවවන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
8. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත කටයුතුයි.
9. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.
10. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු බෙදන්නා සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත කටයුතුයි.
11. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත කටයුතුයි.
12. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත කටයුතුයි.
13. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත කටයුතුයි.
14. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, බෙදන ලද්ද, නොබෙදන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, බෙදන ලද්ද, නොබෙදන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත කටයුතුයි.
15. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
16. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
17. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, යවන ලද්ද, නොයවන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත කටයුතුයි.
18. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මෝහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, යවන ලද්ද, නොයවන ලද්ද නොදනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි.
“මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත කටයුතුයි. කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මෝහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත කටයුතුයි.