5. 6. 1. 10.
14. පඨමජ්ඣානුපසම්පදා සූත්‍රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරු නොකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, ගුණවර්‍ණනාවෙහි මසුරුකමය, කළ උපකාර නොදන්නාබව, කළ උපකාර නොසළකන බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරු නොකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.”
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ. කවර පසක්ද යත්?
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, ගුණවර්‍ණනාවෙහි මසුරුකමය, කළ උපකාර නොදන්නාබව, කළ උපකාර නොසළකන බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.”
5. 6. 1. 11-13.
15-21. අපරදුතියඣානසුත්තාදිසත්තකං
[සැවැත් නිදානයි]
11-13. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
5. 6. 1. 14-17.
[සොතාපත්තිඵලාදිසච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත් නිදානයි]
14-17. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.