5. 6. 1. 11-13.
15-21. අපරදුතියඣානසුත්තාදිසත්තකං
[සැවැත් නිදානයි]
11-13. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
5. 6. 1. 14-17.
[සොතාපත්තිඵලාදිසච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත් නිදානයි]
14-17. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ. “මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
5. 6. 1. 18-21.
[අපරසොතාපත්තිඵලාදි සච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත් නිදානයි]
18-21. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.. “මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.. “මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..
උපසම්පදා වර්ගය පළමුවැනි යි.