5. 5. 3. 9.
9. පඨම කණ්හසප්ප සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
29. “මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහීවේ. මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
අපවිත්‍රවේ. දුර්‍ගන්‍ධවේ. භය සහිත වේ හෙවත් නිද්‍රා සහිත වේ. ප්‍රතිභය සහිත වේ. මිත්‍ර ද්‍රෝහීවේ. මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
5. 5. 3. 10.
10. දුතිය කණ්හසප්ප සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
30. “මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ.
“මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්:
කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ.
මහණෙනි, එහි ස්ත්‍රියගේ දරුණු විෂ ඇති බව මෙයයි: මහණෙනි, ස්ත්‍රිය බොහෝ සෙයින් තියුණු රාග ඇත්තීය. මහණෙනි, එහි ස්ත්‍රියගේ දිව දෙකක් ඇති බව මෙයයි: මහණෙනි, ස්ත්‍රිය බොහෝ සෙයින් කේලාම් කියන්නීය. මහණෙනි, එහි ස්ත්‍රියගේ මිත්‍රද්‍රෝහී බව මෙයයි: මහණෙනි, ස්ත්‍රිය බොහෝ සෙයින් (ස්වාමියා ඉක්මවා) අනාචාරයේ හැසිරෙන්නීය.
“මහණෙනි, ස්ත්‍රිය කෙරෙහි දෝෂ (ආදීනව) පස මේවා ය.”
තුන්වන දීඝචාරික වර්ගයයි.
එහි උද්දානය:
දීඝචාරික සූත්‍ර දෙක ද, අතිනිවාස සහ මච්ඡරිය සූත්‍ර ද, කුලූපග සූත්‍ර දෙක ද, භෝග සූත්‍රය ද, භත්ත සූත්‍රය ද, සප්ප සූත්‍ර දෙක ද යනුවෙන් සූත්‍ර දසයකි.