204.
4. පඤ්චබල සූත්රය
[සැවැත් නිදානයි]
4. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය්ය බලය, ප්රඥා බලය යන පසයි. මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
205.
5. චෙතොඛිල සූත්රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. යම් ඒ භික්ෂුවක් තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්ය්ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම ධර්මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සබ්රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම සබ්රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්ය්ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්ය්යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.
206.
6. විනිබන්ධ සූත්රය
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්හි පහ නොවූ රාගය ඇත්තේ. පහනොවූ ආලය ඇත්තේ, පහනොවූ ප්රේමය ඇත්තේ, පහව නොගිය කාම පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ. පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්ය්යය කිරීම පිණිස නොනැමෙයි. මේ පළමුවන සිතේ බැඳ ගැනීම වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම කයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්ය්යය කිරීම පිණිස නොනැමෙයි. රූපයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්ය්යය කිරීම පිණිස නොනැමෙයි. කැමතිතාක් බඩ ගන්නා තෙක් වළඳා ශයන සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, නිද්රා සැපයෙහි යෙදී වාසය කෙරෙයි. හෙතෙම එක්තරා දිව්ය නිකායක් ප්රාර්ත්ථනා කොට ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්රහ්මචර්ය්යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්ය නිකායක් ප්රාර්ත්ථනාකොට බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙයි. මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්රහ්මචර්ය්යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්ය නිකායක් ප්රාර්ත්ථනාකොට බ්රහ්මචර්ය්යාවෙහි හැසිරෙයි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්ය්ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්ය්ය කිරීම පිණිස නොනැමේද, මේ තෙම පස්වන සිතෙහි බැඳගැනීම වේ.
මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
207.
7. යාගුදානානිසංස සූත්රය
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
බඩගින්න නසයි, පිපාසය දුරු කෙරයි, වාතය අනුලොම් කරයි, වස්තිය පිරිසිදු කෙරෙයි, අමුව ඉතිරි දෙය පැසවයි යන පසයි.
මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.
208.
8. දන්ත කට්ඨානිසංස සූත්රය
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ඇස්වලට අහිතවේ. මුඛය දුර්ගන්ධවේ. රස නහර නොපිනවත්. පිතද සෙමද බත වැළඳ ගනිත්. බත මොහුට නොකැමැතිවේ යන පසයි.
මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.