5. 4. 1. 4.
4. පඨම සද්ධම්මන්තරධාන සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
154. “මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු සකස්කොට ධර්මය නොඅසත්ද, සකස්කොට ධර්මය නොපිරිවහත්ද, සකස්කොට ධර්මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා නොකරත්ද, සකස්කොට අන්ර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි නොපිළිපදිද්ද යන පසයි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු සකස්කොට ධර්මය අසත්ද, සකස්කොට ධර්මය පිරිවහත්ද, සකස්කොට ධර්මය දරත්ද, සකස්කොට දරන ලද ධර්මයන්ගේ අර්ත්ථය පරීක්ෂා කරත්ද, සකස්කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි පිළිපදිත්ද යන පසයි.”
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.
5. 4. 1. 5.
5. දුතිය සද්ධම්මන්තරධාන සූත්රය
[සාවත්ථියෙහි නිදානයි]
155. “මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය නොපිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොකියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා නොකෙරෙත්ද, අනුව නොසොයත්ද, සිතින් අනුව සළකා නොබලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය පිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතියි.