5. 3. 4. 3.
3. අරාජක චක්ක සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
33. “මහණෙනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ යම් සක්විති රජෙකුත් වේද, හෙතෙමේද රජෙක් නැත්තාවූ අණසක නොපවත්වාය” යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජහට කවරෙක් නම් රජ වේද?” “මහණ, ධර්මයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහණ, මේ ලෝකයෙහි ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජ තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්‍ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි.
මහණ, තවද ධාර්මික වූ, ධර්මරාජ වූ සක්විති රජතුමා ධර්මයම නිසා ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගෞරව කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය ධජය කොට ඇතිව, ධර්මය කෙහෙළිය කොට ඇතිව, ධර්මය අධිපති කොට ඇතිව, තමා යටතේ සිටින (අනුයුක්ත) ක්ෂත්‍රියයන් කෙරෙහිද, බල සෙනඟ කෙරෙහිද, බමුණු ගැහැවියන් කෙරෙහිද, නියම්ගම් දනව්වැසියන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද ධාර්මික වූ ආරක්ෂාව, රැකවරණය හා සුරැකීම සලසයි.
මහණ, ඒ ධාර්මික වූ, ධර්මරාජ වූ සක්විති රජතුමා ධර්මයම නිසා ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගෞරව කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය ධජය කොට ඇතිව, ධර්මය කෙහෙළිය කොට ඇතිව, ධර්මය අධිපති කොට ඇතිව, අන්තඃපුර ජනයා කෙරෙහි ධාර්මික වූ ආරක්ෂාව, රැකවරණය හා සුරැකීම සලසා, තමා යටතේ සිටින ක්ෂත්‍රියයන් කෙරෙහිද, බල සෙනඟ කෙරෙහිද, බමුණු ගැහැවියන් කෙරෙහිද, නියම්ගම් දනව්වැසියන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද ධාර්මික වූ ආරක්ෂාව, රැකවරණය හා සුරැකීම සලසා, ධර්මයෙන්ම ආඥා චක්‍රය (අණසක) පවත්වයි. ඒ ආඥා චක්‍රය මිනිසකු වූ කිසිම සතුරු ප්‍රාණියකු විසින් ආපසු හැරවිය නොහැකි වෙයි.
මහණ, එපරිද්දෙන්ම ධාර්මික වූ, ධර්මරාජ වූ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයම නිසා ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගෞරව කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය ධජය කොට ඇතිව, ධර්මය කෙහෙළිය කොට ඇතිව, ධර්මය අධිපති කොට ඇතිව, භික්ෂූන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂාව, රැකවරණය හා සුරැකීම සලසන සේක: “මෙබඳු කාය කර්මය සේවනය කළ යුතුය, මෙබඳු කාය කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු වාක් කර්මය සේවනය කළ යුතුය, මෙබඳු වාක් කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු මනෝ කර්මය සේවනය කළ යුතුය, මෙබඳු මනෝ කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු ජීවිකාව සේවනය කළ යුතුය, මෙබඳු ජීවිකාව සේවනය නොකළ යුතුය, මෙබඳු ගම් නියම්ගම් සේවනය කළ යුතුය, මෙබඳු ගම් නියම්ගම් සේවනය නොකළ යුතුය” යි.
මහණ, තවද ධාර්මික වූ, ධර්මරාජ වූ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයම නිසා ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගෞරව කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය ධජය කොට ඇතිව, ධර්මය කෙහෙළිය කොට ඇතිව, ධර්මය අධිපති කොට ඇතිව, භික්ෂුණීන් කෙරෙහි -පෙ- උපාසකයන් කෙරෙහි -පෙ- උපාසිකාවන් කෙරෙහි ධාර්මික වූ ආරක්ෂාව, රැකවරණය හා සුරැකීම සලසන සේක: “මෙබඳු කාය කර්මය සේවනය කළ යුතුය, මෙබඳු කාය කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු වාක් කර්මය සේවනය කළ යුතුය, මෙබඳු වාක් කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු මනෝ කර්මය සේවනය කළ යුතුය, මෙබඳු මනෝ කර්මය සේවනය නොකළ යුතුය, මෙබඳු ජීවිකාව සේවනය කළ යුතුය, මෙබඳු ජීවිකාව සේවනය නොකළ යුතුය, මෙබඳු ගම් නියම්ගම් සේවනය කළ යුතුය, මෙබඳු ගම් නියම්ගම් සේවනය නොකළ යුතුය” යි.
මහණ, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ, ධාර්මිකවූ, ධර්මරාජන්වූ තථාගත තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්‍ෂාවරණ ගෝපනය භික්‍ෂූන් කෙරෙහිද, භික්‍ෂුණීන් කෙරෙහිද, උපාසකයන් කෙරෙහිද, උපාසිකාවන් කෙරෙහිද සංවිධාන කරයි. ධර්‍මයෙන්ම නිරුත්තරවූ ධර්‍මචක්‍රය පවත්වයි. ඒ ධර්‍ම චක්‍රය ශ්‍රමණයෙකු විසින් හෝ, බ්‍රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්‍රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
5. 3. 4. 4.
4. සකවිජිත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
34. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්‍ෂත්‍රිය රජ තෙම යම් යම් දිශාවක වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්‍ෂත්‍රිය රජ තෙම, මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ, සම්පූර්‍ණවූ භාණ්ඩාගාර කොටුගුල් ඇත්තේ වේද, බලවත්වූයේ වනාහි කීකරුවූ, අවවාදය අනුව කරන්නාවූ, සිව්රඟ සෙනගින් යුක්ත වූයේ වේද,