5. 3. 3. 10.
10. පඤ්ච ව්යසන සූත්රය
[සැවැත් නුවර නිදාන යි]
30. “මහණෙනි, මේ විපත් පසක් වෙත්. කවර පසක්ද යත්?
නෑයන් පිළිබඳ විපතය, සම්පත් පිළිබඳ විපතය, රෝග පිළිබඳ විපතය, ශීලය පිළිබඳ විපතය, දෘෂ්ටිය පිළිබඳ විපතය.
මහණෙනි, සත්ත්වයෝ නෑයන් පිළිබඳ විපතය හේතුකොට ගෙණ හෝ සම්පත් පිළිබඳ විපතය හේතුකොට ගෙන හෝ රෝග පිළිබඳ විපතය හේතුකොට ගෙන හෝ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි නූපදිත්.
“මහණෙනි, සත්ත්වයෝ ශීලය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ දෘෂ්ටිය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි උපදිත්.
මහණෙනි, මොහු වනාහි විපත් පස වෙත්.
“මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්?
ඥාති සම්පත්තිය, භොග සම්පත්තිය, ආරෝග්ය සම්පත්තිය, ශීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය.
මහණෙනි, සත්ත්වයෝ ඤාති සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, භෝග සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ආරෝග්ය සම්පත්තිය හේතුකොට ගෙණ හෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්රවූ දිව්ය ලෝකයෙහි නූපදිත්.
“මහණෙනි, සත්ත්වයෝ ශීල සම්පත්තිය හේතුකොට ගෙන හෝ, දෘෂ්ටි සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්රවූ දිව්ය ලෝකයෙහි උපදිත්.
මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්” යයි වදාළ සේක.
දහතුන් වැනි ගිලාන වර්ගය නිමි.
එහි උද්දානය:
ගිලාන, සතිපට්ඨාන, උපට්ඨාක දෙක ය, ආයුස්ස දෙක ය, වපකාස, සමණසුඛ, පරිකුප්ප සහ සම්පදා දැ යි දසයකි.
4. රාජ වර්ගය
5. 3. 4. 1.
1. චක්කවත්තන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
131. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්යවූ සතුරවූ කිසියම් ප්රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජ තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්යවූ සතුරවූ කිසියම් ප්රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්රය පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්රය පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
5. 3. 4. 2.
2. චක්කානුවත්තන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
132. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්යවූ, සතුරුවූ ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජහුගේ වැඩිමහළු පුත්ර තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.