5. 2. 3. 5.
5. පඨම යොධාජීව සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනයි]
25. “මහණෙනි, මේ යුද්ධ භටයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් යුද්ධ භටයෙක් තෙම රජස්කන්ධයම යුද්ධ භූමියෙන් නැංගාවූ ධූලි රාශියම දැක පසු බසියිද, විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් රජස්කන්ධය ඉවසාද, එතකුදු වුවත් ධජාග්රයම දැක පසු බසියිද, විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මේ දෙවෙනි යුද්ධයෙන් ජීවත්වීම ඇත්තේ ලෝකයෙහි විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක්, රජස්කන්ධය ඉවසයි. ධජාග්රයද ඉවසයි. එතකුදු වුවත් උස්වූද, මහත්වූද ශබ්දයම අසා පසුබසියි. විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මේ තුන්වන යෝධාරීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස් සමූහය ඉවසාද, ධජාග්රය ඉවසාද, උස්වූ ඝෝෂාව ඉවසාද, එතකුදු වුවත් පැමිණියාවූ ප්රහාරයෙහි නැසේද, විනාශයට පැමිණේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මේ සතරවන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්රය ඉවසාද, උසස්වූ ඝෝෂාව ඉවසාද, පැමිණි ප්රහාරය ඉවසාද, හෙතෙම ඒ යුද්ධය ජයගෙණ, දිනන ලද යුද්ධ ඇත්තේ, ඒ යුද්ධ භූමියෙහිම අධිපතිව වාසය කෙරේද, මහණෙනි, මෙබඳුවූද මේ ලෝකයෙහි ඇතැම් යෝධාජීවයෙක් වේ. මහණෙනි, මේ පස්වන යෝධාජීව තෙම ඇත්තේ ලෝකයෙහි විද්යමාන වේ.
මහණෙනි, මේ යෝධාජීවයෝ පස්දෙන වනාහි ඇත්තාහු ලෝකයෙහි විද්යමාන වෙත්.
මහණෙනි, මෙපරිද්දෙන්ම යෝධාජීවයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු භික්ෂූන් අතර විද්යමාන වෙත්. කවර පස් දෙනෙක්ද යත්,
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම, රජස්කන්ධයම දැක, පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්රහ්මචර්ය්යාව රකින්ට නොහැකිවේද, ශික්ෂාවගේ දුර්වල භාවය ප්රකාශකොට, ශික්ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්ධය නම් කුමක්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අසවල් නම් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී, දැකුම් කටයුත්තී, ප්රසාද එලවන්නී, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූවායයි අසාද, හෙතෙම එය අසා පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්රහ්මචර්ය්යාව රකින්ට නොහැකිවේද, ශික්ෂාවගේ දුර්වල භාවය ප්රකාශකොට, ශික්ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්ධය නම් කුමක්ද? මොහුට රජස්කන්ධය වේ.
මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්ධය දැක පසුබසීද, විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මෙබඳුවූ ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ පළමුවෙනි යෝධාජීවයෙකුට බඳු උපමා ඇති පුද්ගලයෙක් ඇත්තේ භික්ෂූන් අතර විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම රජස් සමූහය ඉවසාද, එතකුදු වුවත් ධජාග්රයම දැක පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්රහ්මචර්ය්යාව රකින්ට නොහැකිවේද, ශික්ෂාවගේ දුර්වල භාවය ප්රකාශකොට, ශික්ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්ධය නම් කුමක්ද? මොහුට ධජාග්රය නම් කවරෙක් වේද,
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අසවල් නම් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී, දැකුම් කටයුත්තී, ප්රසාද එලවන්නී, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූවායයි අසාද, නොම අසාද, එතකුදු වුවත්, විශිෂ්ට රූ ඇත්තාවූ, දැකුම් කටයුතුවූ, ප්රසාද එලවන්නාවූ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්තවූ, ස්ත්රියක් හෝ කුමරියක් හෝ තෙමේ දකීද, හෙතෙම ඇය දැක පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්රහ්මචර්ය්යාව රකින්ට නොහැකිවේද, ශික්ෂාවගේ දුර්වල භාවය ප්රකාශකොට, ශික්ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්ධය නම් කුමක්ද? “මෙය මොහුට ධජාග්රය නම් වේ.
මහණෙනි, යම් සේ ඒ යෝධාජීව තෙම රජස්කන්ධය ඉවසාද, එතකුදු වුවත් ධජාග්රයම දැක විශේෂයෙන් පසු බසියිද, කෙලින් නොසිටියිද, යුද්ධ භූමියට බැස ගන්ට නොහැකිවේද, මහණෙනි, මෙබඳුවූ ඇතැම් යුද්ධ භටයෙක් වේ. මහණෙනි, මම මේ පුදගලයා එබඳු උපමා ඇත්තහුයයි කියමි. මහණෙනි, මෙබඳුවූද මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් වේ. මහණෙනි, මේ දෙවන යෝධාජීවයාට බඳු උපමා ඇති පුද්ගල තෙම ඇත්තේ භික්ෂූන් අතර විද්යමාන වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂු තෙම රජස්කන්ධය ඉවසාද, ධජාග්රය ඉවසාද, එතකුදු වුවත් උසස්වූ ඝෝෂාවම අසා පසුබසීද, ගැලේද, ස්ථිරව නොසිටීද, බ්රහ්මචර්ය්යාව රකින්ට නොහැකිවේද, ශික්ෂාවගේ දුර්වල භාවය ප්රකාශකොට, ශික්ෂාව හැර දමා ගිහි බවට පෙරලේද, මෝහට රජස්කන්ධය නම් කුමක්ද? මොහුට කුමක් නම් උසස්වූ ඝෝෂාව වේද,