5. 1. 5. 4.
4. මනාපදායී සූත්රය
44. “එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිව්රු ගෙණ, විසල් නුවර වැසිවූ උග්ග නම් සිටුහුගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිති විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ ට සකස්කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම විසල් නුවර වැසි උග්ග නම් සිටු තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, සල් මල් මෙන් සාදන ලද කෑම මට මනාප වේ. මාගේ ඒ කෑම භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, මිහිරි ඩෙබර ඵල සහිතවූ, පස්ගෝරස සහිතවූ භෝජනය මට මනාප වේ. මාගේ එය භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, තෙලින් බදිනා ලද නාළියසාක නම් පලා වර්ගය මට මනාප වේ. මාගේ ඒ භොජනය භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, අහුලා දමන ලද කළු ඇට ඇති, නොයෙක් මාළු ඇති, නොයෙක් ව්යඤ්ජන ඇති ඇල් සාලේ බත මට මනාප වේ. මාගේ ඒ බත භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළි ගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස එය පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, කසී රට උපන් වස්ත්ර මට මනාප වෙත්. ස්වාමීනි, මාගේ ඒ වස්ත්ර භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාපවූ දෙයක් දෙන තැනැත්තේ මනාපවූ දෙයක් ලබයි, යන මෙය භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙහි පිළිගන්නා ලදී. ස්වාමීනි, කොඳු පලස් අතුරන ලද, සුදු එළු ලොම් ඇතිරි අතුරණ ලද, ඝන පූප් ඇතිරි අතුනණ ලද, කෙසෙල් මුවන්ගේ සමින් කළ උතුම් පසතුරුණු අතුරණ ලද, උඩු වියන් සහිතවූ, දෙපස තබන ලද රතු කොට්ටා ඇති පර්ය්යඞ්කය තෙම මට මනාප වේ. ස්වාමීනි, එතකුදුවුවත් මෙය භාග්යවතුන් වහන්සේට නොකැපයයි. අපිදු මෙය දනිමු. ස්වාමීනි, මාගේ මේ සඳුන් පුවරුව දහසකට වැඩිය වෙයි. මාගේ එය භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා,” යි. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් සිටුහට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කළ සේක.
46. මනාපදායී ලභතෙ මනාපං යො උජ්ජුභූතෙසු දදාති ඡන්දසා,
අච්ඡාදනං සයනමථන්නපානං නානප්පකාරානි ච පච්චයානි.
අච්ඡාදනං සයනමථන්නපානං නානප්පකාරානි ච පච්චයානි.
47. චත්තඤ්ච මුත්තඤ්ච අනග්ගහීතං ඛෙත්තූපමෙ අරහන්තෙ විදිත්වා,
සො දුච්චජං සප්පුරිසො චජිත්වා මනාපදායී ලභතෙ මනාපන්ති.
සො දුච්චජං සප්පුරිසො චජිත්වා මනාපදායී ලභතෙ මනාපන්ති.
“ඉක්බිති භාග්යවතුන් වහන්සේ විසල් නුවර වැසි උග්ග නම් ගෘහපතියාට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම පසු කලෙක්හි කළුරිය කෙළේය. කළුරිය කළාවූ, විසල් නුවර වැසි උග්ග නම් ගෘහපති තෙම, එක්තරා මනොමයවූ දෙවි කොටසක උපන්නේය.