5. 1. 5. 5.
5. පඤ්ච පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
[සාවත්ථි නිදානයි]
45. “මහණෙනි, සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. කවර පසක්ද යත්?
“මහණෙනි, භික්‍ෂු තෙම යමෙකුගේ සිවුර පරිභෝග කරමින්, අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
“මහණෙනි, භික්‍ෂු තෙම යමෙකුගේ ආහාරය වළඳමින් ... විහාරය පරිභෝග කරමින් ... ඇඳ පුටු පරිභෝග කරමින් ... ගිලන්පස බෙහෙත් පරිභෝග කරමින් අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
“මහණෙනි, කුශල් රැස්කිරීමවූ මේ පින් රැස්කිරීම් පසෙන් වනාහි යුක්තවූ ආර්‍ය්‍ය හ්‍රාවකයාහට සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
“පුණ්‍යයාගේ ප්‍රමාණය කියන්ට නොහැකි වේයයි පුණ්‍යයාගේ ප්‍රමාණයක් ගන්ට නොහැකිය. වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණය නැත්තාවූ, මහත්වූ පින් රැසක්ම වේය යන සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි මෙතෙක් දිය ලාස් ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් සිය ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් දහස් ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් ලක්‍ෂ ගණන් වෙත්යයි කියා හෝ ජලයේ ප්‍රමාණයක් ගන්ට නොහැකිවේද, වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ මහා ජලස්කන්‍ධයයි කියාම සංඛ්‍යාවට පැමිණේද, මහණෙනි, එපරිද්දෙන්ම කුශල් රැස්කිරීම මේ පින් රැස්කිරීම් පසින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත් යයි පුණ්‍යයාගේ ප්‍රමාණයක් කරන්ට නොහැකිවේ. වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ, මහා පුණ්‍යස්කන්‍ධයක්යයිම යන සංඛ්‍යාවට පැමිණේය” යි වදාළ සේක.
50. මහොදධිං අපරිමිතං මහාසරං
බහුභෙරවං රතනගණානමාලයං,
නජ්ජො යථා නරගණ සඞ්ඝසෙවිතා
පුථූ සවන්තී උපයන්ති සාගරං.
51. එවං නරං අන්නදපානවත්ථදං
සෙය්යා නිසජ්ජත්ථරණස්ස දායකං,
පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං
නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
5. 1. 5. 6.
6. පඤ්ච සම්පදා සූත්‍රය
[සාවත්ථි නිදානයි]
46. “මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්,
“ශ්‍රද්‍ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ශ්‍රුත සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන පසයි. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්යයි වදාළ සේක.”
5. 1. 5. 7.
7. පඤ්ච ධන සූත්‍රය
[සාවත්ථි නිදානයි]
47. “මහණෙනි, මේ ධන පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා ධනය, ශීල ධනය, ශ්‍රුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, යන පසයි.
“මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය ... බුද්ධො භගවා යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ශීල ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මෙය ශීල ධනයයි කියනු ලැබේ.
“මහණෙනි, ශ්‍රුත ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රවක තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද ... එබඳු ධර්මයෝ දැරූයේ, වචනයෙන් පුරුදු කරණ ලද්දේ, ප්‍රත්‍යවෙක්‍ෂා කරණ ලද්දේ, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, මෙය ශ්‍රුත ධනයයි කියනු ලැබේ.