5. 1. 3. 3.
3. ජාතරූපක්කිලෙස සූත්රය
“මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්ණය මෘදු නොමවේද, කර්මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්මාන්තයට මනාකොට නොපැමිණේද,
“එබඳුවූ ස්වර්ණයාගේ මේ කෙළෙසීම් පසක් වෙත්. කවර පසක්ද යත්, යකඩය, ලෝහය, ඊයම්ය, කළු ඊයම්ය, රිදීය යන පසයි.
“මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්ණය මෘදු නොමවේද, කර්මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්මාන්තයට මනාකොට නොපැමිණේද, එබඳුවූ ස්වර්ණයාගේ මේ පස වනාහි උපෙක්ෂා වෙත්.
“මහණෙනි, යම් තැනෙක පටන් ස්වර්ණය මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද, ඒ ස්වර්ණය මෘදු වූයේද, කර්මක්ෂම වූයේද, ප්රභාශ්වර වූයේද, නැමීම ඇත්තේ මනාකොට කර්මාන්තයට පැමිණේද, යම් යම් පළඳනා විශේෂයක් කිරීමට කැමති වේද, ඉදින් මුදුවක් පිණිසද, ඉදින් කුණ්ඩලාභරණයක් පිණිසද, ඉදින් ග්රීවාභරණයක් පිණිසද, ඉදින් රන් මාලයක් පිණිසද වේනම්, ඔහුට ඒ අර්ත්ථය සිද්ධ කෙරේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්මක්ෂම නොවේද, ප්රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්රවයන්ගේ ක්ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.
“කවර පසක්ද යත්? කාමාශාවය, ක්රෝධය, සිතෙහි හා කයෙහි අලස බවය, උඬඟු බව හා කුකුස් බවය, සැකය යන පසයි.
“මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්මක්ෂම නොවේද, ප්රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්රවයන්ගේ ක්ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.
“මහණෙනි, යම් හෙයකින් වනාහි සිත මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද? ඒ සිත මෘදු වූයේද, කර්මක්ෂම වූයේද, ප්රභාශ්වර වූයේද, නොබිඳින්නේද, ආශ්රවයන්ගේ නැසීමට මනාකොට එකඟවේද, විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කටයුතුවූ යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කිරීම පිණිස සිත එළවාද, ඒ ඒ ධර්මයෙහිම, ඒ ඒ කරුණ ඇති කල්හි ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතෙම කැමති නම් අනෙකප්රකාරවූ ඉර්ධි විධිය ලබන්නේය. (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 6, 8 ඡේදයේ “එකෙක්ව බොහෝ සේ වෙති” යන තැන සිට යෙදිය යුතුයි.) “ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
(මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 70 ඡේදයේ “දිව්ය කණ ....” යන තැන සිට යෙදිය යුතුයි.) ශබ්ද දෙක අසන්නේය. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතෙම කැමති වේනම්, අන්ය සත්ත්වයන්ගේ, අන්ය පුද්ගලයන්ගේ සිත (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 72 ඡේදයේ “තම සිතින්” යන තැන සිට යෙදිය යුතුයි.) ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතෙම කැමති වේ නම්, අනෙක ප්රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නේය. (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 74 ඡේදයේ “එක් ජාතියක්ද” යන තැන සිට යෙදිය යුතුයි.) මෙසේ ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්ර්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතෙම කැමති වේ නම්, පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ, දිව්යවූ ඇසින් (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 75 ඡේදයේ “හේ නොයෙක් පෙර විසීම්” යන තැන සිට යෙදිය යුතුයි.) ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ.
“ඉදින් හෙතම කැමැති වේ නම්, ආශ්රවයන් නැසීමෙන් (මෙහි දීඝ නිකායේ 2 සූත්රයේ 78 ඡේදයේ “ඥානය පිණිස හිත” යන තැන සිට යෙදිය යුතුයි.) ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරන්නේයයි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ තන්හිම ප්රත්යක්ෂයෙන් සුදුසු බවට පැමිණේ” යයි වදාළ සේක.
5. 1. 3. 4.
4. භතුපනිස සූත්රය
“මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්යක් සමාධිය කරුණු රහිත වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ කරුණු රහිත වේ.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරද සම්පූර්ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්යක් සමාධිය කරුණු රහිත වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ කරුණු රහිත වේ.
“මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්යක් සමාධිය හේතු සහිතවේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ හේතු සහිත වේ.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් යුක්තවූයේ, ඒ වෘක්ෂයාගේ පතුරද සම්පූර්ණවීමට පැමිණෙද්ද, සිවියද, ඵලයද, හරයද සම්පූර්ණවීමට පැමිණේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්යක් සමාධිය හේතු සහිතවේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ හේතු සහිත වේ.