5. 1. 3. 4.
4. භතුපනිස සූත්රය
“මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්යක් සමාධිය කරුණු රහිත වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ කරුණු රහිත වේ.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරද සම්පූර්ණවීමට නොපැමිණේද, සිවියද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම සීල විපත්තියට පැමිණියාවූ, දුශ්ශීලයාගේ සම්යක් සමාධිය කරුණු රහිත වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු රහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම නැති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් විපතට පැමිණියහුගේ කලකිරීම හා නොඇල්ම කරුණු රහිත වේ. කලකිරීම හා නොඇල්ම නැති කල්හි, කලකිරීමෙන් හා නොඇල්මෙන් විපතට පැමිණියහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ කරුණු රහිත වේ.
“මහණෙනි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්යක් සමාධිය හේතු සහිතවේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ හේතු සහිත වේ.
“මහණෙනි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් යුක්තවූයේ, ඒ වෘක්ෂයාගේ පතුරද සම්පූර්ණවීමට පැමිණෙද්ද, සිවියද, ඵලයද, හරයද සම්පූර්ණවීමට පැමිණේද,
“මහණෙනි, මෙපරිද්දෙන්ම සීල සම්පන්නවූ සිල්වත්හුගේ සම්යක් සමාධිය හේතු සහිතවේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම හේතු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීම ඇත්තහුගේ කලකිරීම හා නොඇල්ම හේතු සහිත වේ. කලකිරීම හා නොඇල්ම ඇති කල්හි කලකිරීම හා නොඇල්ම ඇත්තහුගේ ඵල විමුක්තිය හා ප්රත්යවෙක්ෂා නුවණ හේතු සහිත වේ.
5. 1. 3. 5.
5. අනුග්ගහ දිට්ඨි සූත්රය
“මහණෙනි, කරුණු පසකින් අනුග්රහ කරණ ලද විදර්ශනා සම්යක් දෘෂ්ටි තොමෝ මාර්ග ඵල සමාධිය ඵලය කොට ඇත්තීද, මාර්ග ඵල සමාධිය අනුසස්කොට ඇත්තීද, මාර්ග ඵල ඥානය ඵලකොට ඇත්තිද, මාර්ග ඵල ඥානය අනුසස්කොට ඇත්තීද වේ.
“කවර කරුණු පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි සම්යක් දෘෂ්ටි තොමෝ සීලයෙන් අනුග්රහ කරණ ලද්දී වේද, බහුශ්රුත භාවයෙන් අනුග්රහ කරණ ලද්දී වේද, ධර්ම සාකච්ඡාවෙන් අනුග්රහ කරණ ලද්දී වේද, චිත්තෙකග්රතාවෙන් අනුග්රහ කරණ ලද්දී වේද, විදර්ශනා භාවනාවෙන් අනුග්රහ කරණ ලද්දී වේද,
“මහණෙනි, කරුණු පසකින් අනුග්රහ කරණ ලද විදර්ශනා සම්යක් දෘෂ්ටි තොමෝ මාර්ග ඵල සමාධිය ඵලය කොට ඇත්තීද, මාර්ග ඵල සමාධිය අනුසස්කොට ඇත්තීද, මාර්ග ඵල ඥානය ඵලකොට ඇත්තිද, මාර්ග ඵල ඥානය අනුසස්කොට ඇත්තීද වේ.
5. 1. 3. 6.
6. විමුත්තායතන සූත්රය
“මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්රමාදව වාසය කරණ භික්ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්ෂෙම සංඛ්යාත නිවණට පැමිණේද,
“එබඳුවූ මේ මිදීමට කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ සබ්රහ්මචාරීවූ එක්තරා තෙර නමක් හෝ චතුරාර්ය්ය සත්ය ධර්මය දේශනා නෙරේද, මහණෙනි, යම් පරිද්දකින් ඒ භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගුරුතන්හි සිටියාවූ එක්තරා සබ්රහ්මචාරී තෙර නමක් හෝ ධර්මය දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්ෂු තෙම ධර්මයෙහි අර්ත්ථය දන්නේද වේ. ධර්මය දන්නේද වේ. “අර්ත්ථය දන්නාවූද, ධර්මය දන්නාවූද ඔහුට ප්රමුදිත භාවය උපදී. ප්රමුදිතවූවහුට ප්රීතිය හටගනියි. ප්රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ. “මහණෙනි, යම් කරුණෙක්හි කෙළෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, අප්රමාදව වාසය කරණ භික්ෂුහුගේ කෙළෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත හෝ මිදේද, ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය කිරීමට යෙද්ද, නොපැමිණියාවූ හෝ නිරුත්තරවූ යොගක්ෂෙම සංඛ්යාත නිවණට පැමිණේද, එබඳුවූ මේ පළමුවන විමුක්ති කාරණය වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට ශාස්තෲන් වහන්සේ නොම ධර්ම දේශනා කරයි. ගුරු තන්හි සිටියාවූ එක්තරා සබ්රහ්මචාරී කෙනෙක් හෝ දේශනා නොකරයි. එතකුදු වුවත්, ඇසූ පරිදි, පිරිවහණ ලද පරිදි ධර්මය අනුන්ට දේශනා කරයි. “මහණෙනි, යම් යම් පරිද්දකින් භික්ෂු තෙම අසන ලද පරිදිවූ, පිරිවහන ලද පරිදිවූ, ධර්මය විස්තරයෙන් අනුන්ට දේශනා කෙරේද, ඒ ඒ පරිද්දෙන් ඒ භික්ෂු තෙම ඒ ධර්මයෙහි අර්ත්ථ දන්නේද ධර්මය දන්නේද වේ. “අර්ත්ථය දන්නාවූද, ධර්මය දන්නාවූද ඔහුට ප්රමුදිත භාවය උපදී. ප්රමුදිතවූවහුට ප්රීතිය හටගනියි. ප්රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එතඟ වේ.