5. 1. 2. 9.
9. නොඅත්ත පරහිත පටිපන්න සූත්‍රය
19. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස නොම පිළිපන්නේ වෙයි. අනුන්හට වැඩ පිණිසද නොවේ. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ශීලයෙන් යුක්ත නොවේද, අන්‍යයා ශීල සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ සමාධියෙන් යුක්ත නොවේද, අන්‍යයා සමාධි සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්තියෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති සම්පත්තියෙහි සමාදන් නොකරවාද, තෙමේ විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්ත නොවේද, අන්‍යයා විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තියෙහි සමාදන් නොකරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිස නොම පිළිපන්නේ වෙයි. අනුන්හට වැඩ පිණිසද නොවේ.
5. 1. 2. 10.
10. අත්ත පරහිත පටිපන්න සූත්‍රය
20. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි. කවර පසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම තෙමේත් සිල්වත් වේද, අනුන්ද ශීල සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් සමාධියෙන් යුක්තවේද, අනුන්ද සමාධි සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්තවේද, අනුන්ද ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් අර්‍හත් ඵල විමුක්තියෙන් යුක්තවේද, අනුන්ද විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවාද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් හෙවත් ප්‍රත්‍යවෙක්‍ෂා නුවණින් යුක්තවේද, අනුන්ද විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තියෙහි සමාදන් කරවාද,
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම තමහට වැඩ පිණිසද, අනුන්හට වැඩ පිණිසද පිළිපන්නේ වෙයි.
දෙවෙනි බල වර්‍ගය නිමි.
එහි උද්දානය:
අනනුස්සුත ය, කූට ය, සඞ්ඛිත්ත ය, විත්‍ථත ය, දට්ඨබ්බ ය, නැවත කූට ය, හිත සූත්‍ර සතර ය යි මේ දසය යි.