5. 1. 1. 8.
[සඹම්මවචන සූත්‍රය]
8. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම චුතවේ. ශාසනයෙහි නොපිහිටයි. කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, පවට ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, පවට භය නැත්තාවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසන යෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ භික්‍ෂු තෙම චුත වෙයි, සද්ධර්මයෙහි නොපිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ශික්‍ෂු තෙම චුත නොවෙයි, ශාසනයෙහි පිහිටයි. කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ලජ්ජා ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, භය ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටාය” යි වදාළ සේක.
5. 1. 1. 9.
[පඨම ආගාරව සූත්‍රය]
9. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. “කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. “මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. “කවර පසකින්ද යත්?
මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. “මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥා සහිතවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.