4. 5. 5. 6.
6. පඤ්ඤාවුද්ධිධම්ම සූත්රය
248. “මහණෙනි, මේ ධර්ම සතරක් ප්රඥාභිවෘද්ධිය පිණිස පවතී. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තිය.
යන මේ සතර ධර්මයෝ ප්රඥාවගේ අභිවෘද්ධිය පිණිස පවතී.”
4. 5. 5. 7.
7. බහුකාරධම්ම සූත්රය
249. “මහණෙනි, මේ ධර්ම සතරක් මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තිය,
යන මේ ධර්ම සතර ධර්මයෝ මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්.”
4. 5. 5. 8.
8. අනරියවොහාර සූත්රය
250. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. “කවර සතරක්ද යත්.
නොදක්නා ලද්දෙහි දැක්කෙමියි කීම, නොඅසන ලද්ද ඇසීමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද ගත්තෙමියි කීම, නොදන්නා ලද්ද දන්නෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයි.”
4. 5. 5. 9.
9. දුතිය අරියවොහාර සූත්රය
251. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්.
නොදක්නා ලද්ද, නොදක්නා ලද්දෙමියි කීම, නොඅසන ලද්ද, නොඅසන ලද්දෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද නොගත්තෙමියි කීම, දත් දෙය දනිමියි කීම
යන සතර ආර්ය්ය ව්යවහාරයෝය.”
4. 5. 5. 10.
10. අරියවොහාර සූත්රය
252. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය නොදැක්කෙමියි කීම, ඇසූ දෙය නොඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද නොගන්නා ලද්දෙමියි කීම, දත් දෙය නොදත්තෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයෝයි.”
4. 5. 5. 12.
11. දුතිය අරියවොහාර සූත්රය
253. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය දැක්කෙමියි කීම, ඇසූ දෙය ඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද ගත්තෙමියි කීම, දත් දෙය දත්තෙමියි කීම
යන මේ සතර ආර්ය්ය ව්යවහාරයෝයි.”
විසි පස් වෙනි ආපත්ති වර්ගය නිමි.
පඤ්චමපණ්ණාසකං සමත්තං.