4. 5. 5. 7.
7. බහුකාරධම්ම සූත්රය
249. “මහණෙනි, මේ ධර්ම සතරක් මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්. කවර සතරක්ද යත්?
සත්පුරුෂ ආශ්රය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙණෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තිය,
යන මේ ධර්ම සතර ධර්මයෝ මනුෂ්යවූවහුට බොහෝ උපකාර වෙත්.”
4. 5. 5. 8.
8. අනරියවොහාර සූත්රය
250. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. “කවර සතරක්ද යත්.
නොදක්නා ලද්දෙහි දැක්කෙමියි කීම, නොඅසන ලද්ද ඇසීමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද ගත්තෙමියි කීම, නොදන්නා ලද්ද දන්නෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයි.”
4. 5. 5. 9.
9. දුතිය අරියවොහාර සූත්රය
251. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්.
නොදක්නා ලද්ද, නොදක්නා ලද්දෙමියි කීම, නොඅසන ලද්ද, නොඅසන ලද්දෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය යන මෙයින් නොගන්නා ලද්ද නොගත්තෙමියි කීම, දත් දෙය දනිමියි කීම
යන සතර ආර්ය්ය ව්යවහාරයෝය.”
4. 5. 5. 10.
10. අරියවොහාර සූත්රය
252. “මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය නොදැක්කෙමියි කීම, ඇසූ දෙය නොඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද නොගන්නා ලද්දෙමියි කීම, දත් දෙය නොදත්තෙමියි කීම
යන මේ සතර අනාර්ය්ය ව්යවහාරයෝයි.”
4. 5. 5. 12.
11. දුතිය අරියවොහාර සූත්රය
253. “මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්?
දැක්ක දෙය දැක්කෙමියි කීම, ඇසූ දෙය ඇසූයෙමියි කීම, ඝාණ, ජිව්හා, කාය තුනින් ගන්නා ලද්ද ගත්තෙමියි කීම, දත් දෙය දත්තෙමියි කීම
යන මේ සතර ආර්ය්ය ව්යවහාරයෝයි.”
විසි පස් වෙනි ආපත්ති වර්ගය නිමි.
පඤ්චමපණ්ණාසකං සමත්තං.
6. අභිඤ්ඤා වර්ගය
4. 6. 1.
[අභිඤ්ඤාපරිඤ්ඤෙය්ය සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
1. මහණෙනි, මේ ධර්ම සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දතයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්රහීන කටයුතු ධර්මයෝ ඇත. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන වැඩියයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන, පිරිසිඳ දතයුතු ධර්මයෝ කවරේද? පඤ්චඋපාදානස්කන්ධයෝය. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් දැන පිරිසිඳ දතයුතු යයි කියත්.
මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්රහීන කටයුතු ධර්ම කවරේද? අවිද්යාවද, භව තෘෂ්ණාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්රහීන කටයුතුය.
මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුතුද? සමථයද, විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුත්තාහ.
මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් ප්රත්යක්ෂ කටයුතුද? විද්යාවද, විමුක්තියද යන මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්රත්යක්ෂ කටයුතුයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ධර්මයෝයි.
4. 6. 2.
[අරියපරියෙසන සූත්රය]
2. මහණෙනි, මේ අනාර්ය්ය සෙවීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාවකොට ඇත්තේම ජරා ස්වභාවයම සොයයි. තමා ව්යාධි ස්වභාවයෙන් යුක්තවූයේම, ව්යාධි ස්වභාවයම සොයයි. තමා මරණය ස්වභාවකොට, මරණ ස්වභාවය සොයයි. තමන් කිලුටුවූයේම, කිලුටුම සොයයි.
මහණෙනි, මේ සතර අනාර්ය්යපය්රේයසනයෝයි.