4. 4. 5. 2.
[චතුට්ඨාන ජානන සූත්රය]
42. “මහණෙනි, මේ කරුණු සතරක්, කරුණු සතරකින් දත යුත්තාහ. කවර සතරක්ද යත්?
මහණෙනි, එකට විසීමෙන් සීලය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ.
මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ.
මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුත්තාහ. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ.
මහණෙනි, සාකච්ඡාවෙන් ප්රඥාව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ.
මහණෙනි, එකට විසීමෙන් සීලය දතයුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ යයි මෙසේ යමක් වදාරණ ලද්දේ නම්, මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ‘බොහෝ කාලයක් මේ ආයුෂ්මත් තෙම ශීලය කැඩීම කරන්නේය. සිදුරු කරන්නේය. පුල්ලි කරන්නේය. කිලුටු කරන්නේය. ස්ථිර ක්රියා නොකරන්නේය. සීලය සියලු කාලයෙහි නොරකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීලය, මේ ආයුෂ්මත් තෙමේ සිල්වත් නොවේය’ යි මෙසේ දනී.
“මහණෙනි, මේ ලෝකයෙහි පන පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ‘මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කාලයක් ශීලය කැඩීම නොකරන්නේය. සිදුරු නොකරන්නේය. පුල්ලි නොකරන්නේය. කිලුටු නොකරන්නේය. ස්ථිර ක්රියා කරන්නේය. සියලු කල්හි සීලය රකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ සීලවන්තය, මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීල නොවේය’ යි මෙසේ දනී.
“මහණෙනි, සමග වාසයෙන් සීලය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේයයි මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලද්දේය.
“මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?
“මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, ‘මේ ආයුෂ්මත් තෙමේ අන් ප්රකාරයකින් එකෙකු සමග එකෙකුවී කථා කරයි. දෙදෙනෙකු සමග අන් ප්රකාරයකින්ද, තුන් දෙනෙකු සමග අන් පරිද්දෙකින්ද, බොහෝ දෙනා සමග අන් පරිද්දෙකින්ද, බැස ගනී. මේ ආයුෂ්මත් තෙමේ පූර්ව කථාවෙන් අපර කථාව පිරිහෙන (වෙනස්වන) කථා ඇත්තෙකි. මේ ආයුෂ්මත් තෙමේ අපිරිසිදු කථා ඇත්තේය, පිරිසිදු කථා ඇත්තේ නොවේ යයි’ මෙසේ දනියි.
“මහණෙනි, මේ ලෝකයෙහි පන පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, යම් පරිද්දෙකින් මේ ආයුෂ්මත් තෙමේ එකෙකු හා එකක් කථා කරයි. දෙදෙනෙකු සමගත් එසේය. තුන්දෙනෙකු සමගද එසේය. බොහෝ දෙනා සමගද එසේය. මේ ආයුෂ්මත් තෙමේ පූර්ව කථාවෙන් අපර කථාව නොවෙනස්වන කථා ඇත්තෙකුව පවතී. මේ ආයුෂ්මත් තෙමේ පිරිසිදු කථා ඇත්තේය, අපිරිසිදු කථා ඇත්තේ නොවේ යයි දනියි.
මහණෙනි, කථාවෙන් පිරිසිදුකම දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්රඥාවන්තයා විසිනි. දුෂ්ප්රාඥයා විසින් නොවේ. මෙසේ ඒ යමක් වදාරණ ලද නම් මෙය මේ සඳහා වදාරණ ලදී.