4. 4. 5. 3.
3. භද්දිය ලිච්ඡවි සූත්රය
193. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති භද්දිය නම් ලිච්ඡවි රජ තෙම, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි භද්දිය ලිච්ඡවි තෙමේ, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය:
“ස්වාමීනි, මා විසින් ශ්රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නේය, යම් මායාවකින් අන්ය තීර්ත්ථකයන්ගේ ශ්රාවකයන් හරවා ගනිත්ද, එබඳු ආවර්තනීය මායාවක් දනීයයි මා විසින් අසන ලදී. “ස්වාමීනි, ශ්රමණ ගෞතමයන් වහන්සේ මායාවීය. යම් මායාවකින් අන්ය තීර්ත්ථකයන්ගේ ශ්රාවකයන් හරවා ගනීද, එබඳු ආවර්තනීය මායාවක් දනීය’ යි මෙසේ කීවාහුද, ස්වාමීනි, කිමෙක්ද, ඔවුහු භාග්යවතුන් වහන්සේ වදාළ දෙයක් කියන්නාහුද, භාග්යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට කියත්ද, ධර්මයට අනු ධර්මයක් ප්රකාශ කරන්නහුද, කිසියම් කරුණු සහිත වාදයක් ගැරහියයුතුකොට නොපැමිණෙත්ද, ස්වාමීනි, අපි භාග්යවතුන් වහන්සේ අභිභවා නොකියනු කැමැත්තෝ වෙමු.
“භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව. “භද්දියෙනි, යම් කලක තොපට මේ ධර්මයෝ අකුශලය, මේ ධර්මයෝ වරදය, මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ගර්හා කරණ ලද්දාහ. මේ ධර්මයෝ සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්යයි යම් කලෙක තොප තමන්ම දන්නහු නම්, ඉක්බිති භද්දිය, තොපම අත්හරිව්.
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ලෝභය, “පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?” “ස්වාමීනි, අහිත පිණිසය.” “භද්දිය, ලෝභයෙන් මඩනා ලද “යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?” “එසේය, ස්වාමීනි.”
“භද්දිය, ද්වේෂය පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?” භද්දිය, ද්වේෂයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?” “භද්දිය, මෝහය පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද? බද්දිය, මෝහයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද? කරණුත්තරියකරණය පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස උපදීද, අහිත පිණිස උපදීද? “ස්වාමීනි, අහිත පිණිසය.” “භද්දිය, මේ එකට එක කරන (සාරම්භ) පුරුෂ පුද්ගල තෙම එකට එක කිරීමෙන් මඩනා ලද්දේ, යටකොට ගත් සිත් ඇත්තේ ප්රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?” “ස්වාමීනි, එසේය.”
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් වෙත්ද?” - “ස්වාමීනි, අකුසල්ය.” “වරද සහිත හෝ වරද රහිතද?” - “ස්වාමීනි, වරද සහිතය.” “ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේද, ඤාණවන්තයන් විසින් ප්රශංසා කරණ ලද්දේද?” - “ස්වාමීනි, ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේය.” “සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්ද?” “මෙහි අපට මෙසේ වේ.”
“භද්දිය, මෙසේ ඒ යමක් කීවෙමුද ‘භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.’ යම් ඒ දේශනායෙක් වදාරන ලද ද, මෙය ඒ සඳහා වදාරන ලදී.
“භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්කයෙන්ද නොගනුව. න්යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව. “භද්දිය, තොප යම් කලෙක මේ ධර්මයෝ කුසල්ය. මේ ධර්මයෝ නිවරදය. මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ප්රශස්තයයි. මේ ධර්මයෝ සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන්වන ලද්දාහු, හිත පිණිස, සුව පිණිස පවතිත්යයි තමා විසින්ම දන්නහු නම්, භද්දිය, තොප නැවත පැමිණ වාසය කරව්.
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අලෝභය, “පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය.” “භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ “යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.”
“භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අෙවෂය පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය. “භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.” “භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අමෝහය පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?” - “ස්වාමීනි, හිත පිණිසය.” “භද්දිය, මේ අමෝහය පුරුෂ පුද්ගල තෙම අමෝහයෙන් මැඩ පවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.” - “ස්වාමීනි, එසේය.” “එකට එක කිරීම පුරුෂයාගේ අධ්යාත්මයෙහි උපදින්නේ හිත පිණිස වේද, අහිත පිණිස වේද?” “ස්වාමීනි, හිත පිණිසය.” “භද්දිය, මේ එකට එක කිරීමෙන් දුරුවූ පුරුෂ පුද්ගල තෙම එකට එක කිරීමෙන් නොමඩනා ලද්දේ සතුන් නොමරයි. නුදුන් දෙය නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවතීද, අනුන් ඒ පිණිස යොදවයිද?” - “ස්වාමීනි, එසේය.”