4. 4. 5. 1.
[සොතානුගත සූත්රය]
[සැවැත් නුවර නිදානයි]
41. “මහණෙනි, වචනයෙන් පුරුදු කරණ ලද, සිතින් ලබන ලද, දෘෂටියෙන් පිළිවිදිනා ලද, ඤාණසොතයෙන් ව්යවස්ථා කරණ ලද ධර්මයන්ට ආනිසංස සතරක් කැමතිවිය යුතුය. කවර සතරක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. එහි සුව ඇත්තාවූ ඔහුට ධර්ම පදයන් වැටහෙත්. සිහි ඉපදවීම ප්රමාදය. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී (නිර්වාණගාමී) වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් පිළිවිදි, ශ්රොතයට පැමිණි ධර්මයන්ගේ මේ පළමුවෙනි ආනිසංසය කැමති විය යුතුය.
“තවද මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. සුවපත්වූ ඔහුට එහිදී ධර්මපද නොවැටහෙත්. එතකුදු වුවත් චිත්තවසියට පැමිණි, ඎද්ධි ඇති මහණ තෙම දෙව පිරිසෙහි බණ කියයි. ඔහුට මෙසේ සිතෙයි: ‘මම පූර්වයෙහි යම් ධර්ම විනයක බ්රහ්මචර්ය්යයෙහි හැසුරුනෙම්ද, ඒ ධර්මය මේදැ’ යි. මහණෙනි, සිහි ඉපදවීම ප්රමාද වේ. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී වේ.
“එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම මහණෙනි, යම්සේ දක්ෂ පුරුෂයෙක් තෙම දීර්ග මාර්ගයට පිළිපන්නේ බෙර හඬ අසාද, ඔහුට බෙර හඬක්, බෙරහඬක් නොවේයයිද සැකයක් හෝ විමතියක් හෝ නොවේද, නැවත බෙර හඬමයයි නිෂ්ටාවට යේද, හෙතෙම වහා විශේෂගාමී වේ. එසේම මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. එහිදී සුවපත්වූ ඔහුට ධර්මපද නොවැටහෙත්. එතකුදු වුවත් චිත්තවසියට පැමිණි ඎද්ධි ඇති මහණතෙම දිව්ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්වයෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසුරුනෙම්ද, ඒ ධර්මය මේදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්රතිවෙධ කරණ ලද, කණට කැමති ධර්මයන්ගේ මේ දෙවෙනි ආනිසංසය කැමති විය යුතුයි.
“තවද මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. ඔහුට එහිදී ධර්ම සුවසේ නොවැටහෙයි. ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි මහණෙක් දෙව් පිරිසෙහි බණ නොකියයි. එහෙත් දිව්ය පුත්රයෙක් දිව්ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්වයෙහි බ්රහ්මචර්ය්යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්ම විනයදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, සක් හඬෙහි දක්ෂ පුරුෂයෙක් යම් සේද, හෙතෙම මහා මාර්ගයට පිළිපන්නේ සක්හඬ අසන්නේය. ඔහුට සක් හඬක්ද, සක් හඬක් නොවේදැයි සැකයක් හෝ විමතියක් නොසිතෙන්නේය. වැලිදු සක්හඬක්මයයි නිෂ්ටාවට යයි. එසේම මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. එහි සුවපත් ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්ධි ඇති, චිත්තවසියට පැමිණි භික්ෂුවක් දෙව් පිරිසෙහි බණද නොකියයි. එතකුදුවුවත් දිව්ය පුරුෂයෙක් දිව්ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, “මම පූර්වයෙහි බ්රහ්මචර්ය්යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්මයදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්රමාද වේ. එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම වහාම විශේෂගාමී වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්රතිවෙධ කරණ ලද, කණට වැදුනු ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුතුයි.
“තවද මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්රියා කරන්නේ, එක්තරා දිව්ය නිකායක උපදී. එහිදී සුවපත්වූ ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්ධි ඇති, විත්තවසියට පැමිණි භික්ෂුවක් දෙව් පිරිසෙහි බණ නොකියයි, දිව්ය පුත්රයෙක්ද දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, ඕපපාතිකයෙක් ඕපපාතිකයකුට (සමකාලීනව උපන් දෙවියෙක්), ‘නිදුකාණෙනි, අපි පූර්වයෙහි බ්රහ්මචර්ය්යාවෙහි හැසුරුනෙමු. ඔබ සිහි කරන්නෙහිදැ’ යි සිහි කරවයි. හෙතෙම, ‘නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි, සිහිවේය’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්රමාද වෙයි. එතකුදු වුවත් ඒ සත්ත්ව තෙම වහා විශේෂගාමී වේ.