4. 4. 4. 7.
[වස්සකාර සූත්රය]
37. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර, වේළුවනයෙහි, කලන්දක නිවාපයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්යවූ වස්කාර බ්රාහ්මණ තෙම, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මගධ මහාමාත්යවූ වස්කාර බ්රාහ්මණ තෙම, භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය :
“භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා හඳුනන්නේදැ’ යි ඇසීය.
“බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද?”
“බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.”
“භවත් ගෞතමයන් වහන්ස, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයාව දන්නේද?”
“බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්යමානවේ.”
“මේ තෙමේ අසත්පුරුෂයයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයාව දනීද?”
“බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්යමානවේ.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය්යයි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් “බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි යම් අසත්පුරුෂයෙක්, අසත්පුරුෂයා දනීද, මෙය නොසිදුවන්නකි. අනවකාශයකි.” “බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, අසත්පුරුෂතෙමේ, සත්පුරුෂයා දනීද, මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.” “බමුණ, මේ තෙමේ සත්පුරුෂයායයි, සත්පුරුෂයා, සත්පුරුෂයා දනීද, මේ කාරණය විද්යමානවේ.” “බමුණ, මේ තෙමේ අසත්පුරුෂයායයි, සත්පුරුෂ තෙමේ අසත්පුරුෂයා දනීද, මේ කාරණය විද්යමානවේ.”
“භවත් ගෞතමයන් වහන්ස, එක් කාලයෙක්හි මෙය සිදුවිය. තොදෙය්ය බ්රාහ්මණයාගේ පිරිසෙහි මේ රජ තෙමේ, රාම පුත්ර ශ්රමණයා කෙරෙහි මනාව පැහැදුනේ, ශ්රමණ රාම පුත්රයා කෙරෙහි යම් මේ වැඳීමක්, පෙර ගමන් යාමක්, ඇඳිලි බැඳීමක්, සාමීචි කතාවක් ඇද්ද, බාලවූ මේ රජ තෙම ඤාණවන්තය. තමාගේ දොස් කතාවක් පැවැත්තේය. යමකය, මොග්ගල්ලය, උග්රය, නාවින්දකීය, ගන්ධර්වය, අග්ගිවෙස්සය යන මොවුහුද ඤාණවන්ත රජුගේ පිරිවරවූ බාලයෝ ශ්රමණ රාම පුත්රයන් කෙරෙහි ප්රසන්නය. ශ්රමණ රාම පුත්රයන් කෙරෙහි යම් මේ වැඳීමය, පෙරගමනය, ඇඳිලි බැඳීමය, සාමීචි කර්මය යන ශ්රෙෂ්ට ගෞරවයන් කරත්.