4. 4. 3. 3.
3. මහාකොට්ඨිත සූත්රය
23. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසක සිටියහ. එකත්පසක සිටියාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් (අශේෂ විරාග නිරෝධයෙන්) අන් කිසිවක් ඇත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද නැත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොවේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.”
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය. “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය. “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය. “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොව්දැයි, මෙසේ විචාරණ ලද්දේම, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය. “ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්ත්ථය කෙසේ වනාහි දත යුත්තේද?”
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇතැයි කියන්නේ ප්රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැතැයි මෙසේ කියන්නේ ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේය, නැත්තේයයි කියන්නේ ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නොද ඇත්තේය, නොද නැත්තේයයි මෙසේ කියන්නේ, ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය (ඇතිවීම) යම්තාක්ද, ඒ තාක් ප්රපඤ්චයාගේ (තෘෂ්ණාදෘෂ්ටිමාන/කෙලෙසුන්ගේ) ගතිය වෙයි. ප්රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිවීමෙන් (අශේෂ විරාග නිරෝධයෙන්) ප්රපඤ්චනිරෝධය වෙයි. ප්රපඤ්ච නිරෝධයෙන් ප්රපඤ්ච ව්යුපශමය වෙයි.”
4. 4. 3. 4.
4. ආනන්ද ඡ ඵස්සායතන සූත්රය
24. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට, “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද නැත්තේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.” “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොවේද?” “ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.”