4. 3. 3. 7.
7. තථාගතච්ඡරිය සූත්රය
27. “මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, යම් කලෙක්හි බොධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුතව, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, මව් කුසට බැස ගනීද, “නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්ය්ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවත අනිකක් කියමි. යම් කලෙක බොධිසත්ත්වයන් වහන්සේ සිහියෙන් සම්යක් ප්රඥාවෙන් මව්කුසින් නික්මේද, නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවෙනි ආශ්චර්ය්ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. යම් කලෙක්හි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්යක් සම්බෝධියට පැමිණේද, නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ තෙවැනි ආශ්චර්ය්ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවත අනිකක් කියමි. යම් කලෙක්හි තථාගතයන් වහන්සේ නිරුත්තර ධර්ම චක්රය පැවැත්වූයේද, නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතරවන ආශ්චර්ය්ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ පහළවෙත්.”
4. 3. 3. 8.
8. තථාගතබ්භූත සූත්රය
28. “මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ප්රජාව තෘෂ්ණාවෙහි ඇලුනාහ. තෘෂ්ණාවෙහි කැමති වූවාහුය. තෘෂ්ණාවෙන් ප්රීති වූවාහුය. ඒ ප්රජා තොමෝ තථාගතයන් වහන්සේගේ පරිත්යාගය ගැන බණ කියද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි.
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය පහළ වෙයි.