4. 3. 3. 6.
6. දුතිය අප්පමඤ්ඤා සූත්රය
26. “මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්රී සහගත සිතින් “එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්රමාණවූ, අවෛරවූ, අව්යාපාදවූ ලෝකය, “මෛත්රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. “හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්රමාණවූ, අවෛරවූ, අව්යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය. “මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්රමාණවූ, අවෛරවූ, අව්යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය. “මහණෙනි, නැවත මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්ව ප්රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්රමාණවූ, අවෛරවූ, අව්යාපාදවූ ලෝකය, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එහි යමක් රූප, වේදනා, සංඥා, සංස්කාර ඒ ධර්මයන් අනිත්ය වශයෙන්, නොසැප වශයෙන්, රෝග වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, අන්යයන් වශයෙන්, පලුදු වශයෙන්, ශූන්ය වශයෙන්, අනාත්ම වශයෙන්, විශිෂ්ට ඥානයෙන් බලයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුද්ධාවාස දෙවියන් හා සහවාසයට උපදී. මහණෙනි, මේ උත්පත්තිය පෘතග්ජනයන් හා අසාධාරණය.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.
4. 3. 3. 7.
7. තථාගතච්ඡරිය සූත්රය
27. “මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, යම් කලෙක්හි බොධිසත්ත්වයන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුතව, සිහි ඇත්තේ, සම්යක් ප්රඥාවෙන් යුක්තවූයේ, මව් කුසට බැස ගනීද, “නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.
“මහණෙනි, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්ය්ය අද්භූත ස්වභාවය පහළ වේ.
“මහණෙනි, නැවත අනිකක් කියමි. යම් කලෙක බොධිසත්ත්වයන් වහන්සේ සිහියෙන් සම්යක් ප්රඥාවෙන් මව්කුසින් නික්මේද, නැවත මාරයා සහිත, බ්රහ්මයා සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් අතරෙහි අප්රමාණ මහත් ආලෝකයක් දෙවියන්ගේ දිව්යානුභාවය ඉක්ම පහළවෙයි. නිතර විවෘතවූ, යට පිහිටීමක් නැති, අඳුරුවූ, අන්ධ අඳුරින් යුත් යම් ඒ ලෝකාන්තරිකයක් ඇත්තේද, මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටේද, එහිද, දෙවියන්ගේ අප්රමාණවූ දිව්යානුභාවය ඉක්ම එහිදු අප්රමාණ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්ත්ව කෙනෙක් වේද, ඔවුහු, ‘පින්වත්නි, අනික් සත්ත්වයෝ මෙහි උපන්නාහුය’ යි ඔවුනොවුන් හඳුනත්.