4. 3. 1. 10.
10. ආසිවිසොපම සූත්රය
10. “මහණෙනි, මේ ආශිර්විෂයෝ (සර්පයෝ) සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
පැමිණි විෂ ඇති, ඝොර විෂ නැති සර්පයාය, ඝොර විෂ ඇති, පැමිණි විෂ නැති සර්පයාය. පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති සර්පයාය, පැමිණි විෂද නැති, දරුණු විෂද නැති සර්පයාය. මහණෙනි, මේ සතර සර්පයෝය.
මහණෙනි, එසේම සර්පයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,
“වැදුන විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයාය, දරුණු විෂ ඇති, වැදුන නැති පුද්ගලයාය, වැදුන විෂද, දරුණු විෂද ඇති පුද්ගලයාය, වැදුන විසත්, දරුණු විසත් නැති පුද්ගලයාය යන සතර දෙනය.
මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයා කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපෙයිද, ඒ ක්රෝධය බොහෝ වේලාවක් නොපවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇති, ඝෝර විෂ නැති පුද්ගලයාය. මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති සර්පයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දරුණු විෂ ඇත්තේ වේද? පැමිණි විෂ නැත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්රෝධය බොහෝ කලක් පවතී. මහණෙනි, මෙබඳු පුදගල තෙම දරුණු විෂ ඇත්තේ වේ. පැමිණි විෂ නැත්තේ වේ. මහණෙනි, දරුණු විෂ ඇති, වැද්රනු විෂ නැති සර්පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපේද, ඔහුගේ ඒ ක්රෝධය බොහෝ කලක් පවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇත්තේද, දරුණු විෂ ඇත්තේද වේ. මහණෙනි, පැමිණි විෂද, දරුණු විෂද ඇති සර්පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ පැමිණි විෂ නැත්තේ වේද, දරුණු විෂ නැත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්රෝධය බොහෝ වේලාවක් නොපවතී. මහණෙනි, මෙසේ පුද්ගල තෙම පැමිණි විෂ නැත්තේද, දරුණු විෂ නැත්තේද වේ. මහණෙනි, පැමිණි විෂ නැති, දරුණු විෂ නැති, සර්පයෙකු යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
මහණෙනි, මේ ආශිර්විෂයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්යමාන වෙත්.”
එකොලොස්වෙනි වළාහක වර්ගය නිමි
එහි උද්දානය:
වලාහක සූත්ර දෙක ද, කුම්භ සූත්රය ද, උදකරහද සූත්ර දෙක ද, අම්බ, මූසික, බලිවද්ද, රුක්ඛ, ආසිවිස සූත්රයෙන් දස වැන්න යයි (මේ වර්ගයෙහි) සූත්ර දසයෙකි.
(12) 2. කෙසී වර්ගය
4. 3. 2. 1.
1. කෙසී සූත්රය
සැවැත් නුවර නිදානයි.
11. ඉක්බිති කෙසී නම් අශ්වයන් දමනය කරන්නා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි කෙසී නම් අශ්වයන් දමනය කරන්නාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“කෙසීය, ඔබ ප්රසිද්ධ අශ්වයන් දමනය කරන්නෙක් වෙහිය. ඔබ කෙසේ වනාහි දමනය කටයුතු අශ්වයන් හික්මවන්නෙහිදැ” යි.
“ස්වාමීනි, මම දමනය කළයුතු අශ්වයකු මෘදුකමින්ද, ඵරුෂකමින්ද, මෘදු ඵරුෂකමින්ද හික්මවමි.”
“කෙසිය, ඉදින් තොප විසින් දමනය කළ යුතු අශ්වයා මෘදු කමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින්ද හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ඔහුට කුමක් කරන්නෙහිද?”
“ස්වාමීනි, ඉදින් මගේ දමනය කළ යුතු අශ්වයා මෘදුකමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ස්වාමීනි, ඔහු නසමි. ඊට හේතු කවරේද? මාගේ ආචාර්ය්ය කුලයට අවනම්බුවක් නොවේවා කියායි.”
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ නිරුත්තර පුරුෂදම්මසාරථී සේක. කෙසේ වනාහි ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් හික්මවන්නේද?”
“කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි. කෙසිය, එහි මෘදුකම මෙසේය: කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය, දෙවියෝ මෙසේය, මනුෂ්යයෝ මෙසේය.”
“කෙසිය, එහි ඵරුෂකම මෙසේය: කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්රේත නිකාය මෙසේය.”
“කෙසීය, එහි මෘදුකම හා ඵරුෂ කමය මෙසේය: කාය සුචරිතය මෙසේය. කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය. දෙවියෝ මෙසේය, මනුෂ්යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්රෙත යෝනිය මෙසේය.”